පොලිසියේ එන්නත් ප්‍රමුඛතාව ඇමති පවුලේ අයට! ඩී.අයි.ජී.ලාටත් හැරෙන්න වෙයි

පොලිසිය සාමාජිකයන් සඳහා covid එන්නතේ දෙවන මත්‍රාව ලබාදීම ඊයේ(9) සිට ආරම්භ වී ඇති අතර එහිදී පොලිස් නිලධාරීන්ටත් පෙර පොලීසිය භාර ඇමතිවරයාගේ පවුලේ සාමාජිකයන් සහ කාර්ය මණ්ඩලයට ප්‍රමුඛතාව හිමි වී ඇති බව වාර්තා වේ.

කොළඹ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ දී මෙම එන්නත්කරණය ආරම්භ වූ අතර එන්නත ලබා ගැනීම සඳහා පැමිණි නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කීප දෙනෙකු ද දෙනෙකු ද ආපසු හරවා යවා ඇත්තේ එන්නත් කරන නම් ලැයිස්තුවේ ඔවුන්ගේ නම් නැති නිසාය.

එසේ වුව ද අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයන් පිරිසක් පැමිණ එන්නත ලබාගෙන ඇති අතර එම කණ්ඩායම 25 දෙනෙකුගෙන් පමණ සමන්විතව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.


පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට පවා ප්‍රමුඛත්වය ලබා නොදී අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයින් හිතවතුන් සහ ගෘහ සේවක සේවිකාවන් පවා එන්නත් කරනයට ලක් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් පොලිසියේ ජේෂ්ඨ නිලධාරින් පවා දැඩි කලකිරීමකින් පසුවන බව වාර්තා වේ.

එන්නත් කරන්න ඒ පළමු පෙළ අවදානම් කණ්ඩායම් අතරට පොලිසියේ නිලධාරීන් ඇතුලත් වූ අතර ඒ අනුව ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දෙන ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහි දෙවන මාත්‍රාව ලබාදීමේ එන්නත් කරන වැඩසටහන යටතේ මෙම එන්නත ලබා දී ඇත.

Exit mobile version