පොලිසියට පාට් දැමූ සැලොන්කාරයා මිරිහානට බාර වෙයි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රථවාහන වැරැද්දක් සම්බන්ධයෙන්  නැවැත්වූ අවස්ථාවේදී රථවාහන  පොලිස් නිළධාරීන් දෙදෙනෙකුගේ රාජකාරියට බාදාකරමින්ත ඔවුන්ර්ජට අපහාස කරමින් හැසිරුණු   අමේෂ් නුවන්ත නැමැත්තා අද මිරිහාන පොලීසියට බාර වී තිබේ. දෙග්ලකඳ පුදෙශයේදී රථවාහන පොලිසියේ නිලදාරීන්ට මෙසේ බාධා කළ ඔහු ගේ හැසිරීම පිළිබඳව සමාජ මාධ්‍ය තුළ වෛරස වේගයෙන් පැතිර ගිය අතර අද මෙලෙස නීතීඥයකු සමඟ පැමිණ පොලිසියට බාර වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රදේශ රැසක පොලිස් ස්ථානවලට දැනුම් දී තිබිණි.   ඔහු අද නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු, නුගේගොඩ ප්‍රදේශයේ සැලෝන් එකක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුගිය දිනක දෙල්කඳ හන්දියේදී රාජකාරියේ නිරතව සිටි රථවහාන පොලීසියේ නිළධාරීන් දෙදෙනකුට බැණ වදින ලදී,
සුදු ඉර කපා යෑම හේතුවෙන් ඔහුට විරුද්ධව දඩ ලිවීමට සූදානම් වෙද්දී නිළධාරීන්ට පරුෂ වචනයෙන් හා අපාහාසාත්මක වදනින් බැණ වදිමින් රිය බලපත්‍රය ආපසු නිවසටම ගෙන්වා ගන්නා බවට පවසා ඇත.

Exit mobile version