පොලිස් නිලධාරියාගේ බිරිඳ සහ පුතා හෙරොයින් සමඟ අත්අඩංගුවට

ඡන්ද අපේක්ෂකයෙකුගේ හෑන්ඩ් බිල්වල හෙරොයින් ඔතලා

මාතර – සම්පත්

මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාට ලැබුණු තොරතුරක් මත මාතර කොට්ඨාස දූෂණ මර්දන මර්දන ඒකකයේ නිලධාරීන් විසින් වැලිගම පොලිස් බල ප්‍රදේශයේ පැලෑන ගංගාරාම මාවතේදී හෙරොයින් සමග මවක් සහ පුතෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ දැනට බස්නාහිර පළාතේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුගේ බිරිඳක් සහ පුතෙකු බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ.


මෙම සැකකාර තරුණයා පොලිසිය විසින් පරික්ෂා කරන අවස්ථාවේදී ඔහුගේ සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් එක්දහස් අටසීයක් 1800 ක් සහ මත්පෙති 11 ක් තිබී ඇති අතර මෙම හෙරොයින් කුඩා කොටස්වලට ඔතා ඇත්තේ මෙවර මාතර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ අත්පත්‍රිකා කොටස්වල බව පොලිසිය සොයා ගෙන ඇත.

ඒ සමගම සැකකරුගේ නිවසේ තිබී මාතර දිස්ත්‍රික්ක මෙවර මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයෙකුගේ අත්පත්‍රිකා සහිත පෝස්ටර් විශාල ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන එය නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඊට අමතරව මෙම තරුණයාගේ මව වන මාතර දිස්ත්‍රික්කයෙන් මෙවර තරඟ වදින අපේක්ෂකයාගේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරිනියක වන කාන්තාව සන්තකයේ ද හෙරොයින් මිලිග්‍රෑම් 1600 ක් සහ මුදල් රුපියල් 16550ක් තිබී සොයාගෙන ඇත.

මෙලෙස කුඩා ප්‍රමාණ වලට සකස් කරන ලද හෙරොයින් වැලිගම සහ මිරිස්ස සංචාරක පුරවරයේ සංචාරකයන්ට සහ ධීවරයන්ට අලෙවි කිරීමට සකස් කර තිබූ ඒවා බවද පොලිසිය බව ද පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

මෙම හෙරොයින් පැකට් රුපියල් 2000 රුපියල් රු.3000 වැනි මුදලකට අලෙවි කරන බව ද මත්පෙති රුපියල් 1000ට 1500ට අලෙවි කරන බවට ද මූලික විමර්ශන කරුණු කරුණුවලින් අනාවරණය කරගෙන ඇත.

සැකකාර මව සහ පුතා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතා සහ මාතර පොලිස් අධිකාරී 1 විජය ගුණවර්ධන මහතා ගේ උපදෙස් මත මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස්, උප පොලිස් පරීක්ෂක ප්‍රියංකර පොලිස් සැරයන් 56615 සුනිල් පොලිස් සැරයන් 37066 පතිරණ පොලිස් සැරයන් 6403 අනුර පොලිස් කොස්තාපල් 73013 ක්‍රිෂාන්ත පොලිස් කොස්තාපල් 66649 ජනක පොලිස් කොස්තාපල් රියදුරු 80473 වසන්ත පොලිස් කොස්තාපල් 68160 වසන්ත යන නිලධාරීන් වැටලීමට එක් විය.

Exit mobile version