පොලිස් නිලධාරියකුට පහර දුන් 3ක් අත්අඩංගුවට

පොලිස් නිලධාරියෙකුට පහර දී රාජකාරියට බාධා කළ පුද්ගලයන් තිදෙනෙකු කැලණිය කොට්ඨාස අපරාධ විමර්ෂන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පාලම අසල රථවාහන රාජකාරීයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු හිස් වැසුම් නොමැතිව ධාවනයේ යෙදුනු යතුරුපැදිකරුවකු පරීක්ෂා කිරීමට යාමේදී එම ස්ථානයට තවත් කාන්තාවක් පැමිණ පොලිස් නිලධාරියා සමග ආරවුලක් ඇති කරගෙන ඔහුට පහර දීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

සැකකාර කාන්තාව සහ පුද්ගලයන් දෙදෙනා පට්ටිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. ඔවුන් අවුරුදු 51, 20 සහ 22 හැවිරිදි වියේ පසුවන බව වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. සැකකරුවන් අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට අද (25) ඉදිරිපත් කිරීමට නියමිතය.


 

Exit mobile version