පේරාදෙණිය රෝහල් සිද්ධිය සම්බන්ධව චන්න ඇමතිට වෛද්‍ය පරිපාලකයන්ගෙන් කන පැලෙන උත්තරයක්…  

මහාචාර්යවරයෙක් වූ ඔබගෙන් මේ තරම් පහත් හැසිරීමක් බලාපොරොත්තු වුනේ නෑ.... ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ සංගමය

පෙරාදෙණිය රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සහ අනෙකුත් කළමනාකරණ නිලධාරීන් කැඳවා පවතින තත්වය තුළ ගත්   ප්‍රායෝගික පරිපාලන තීන්දුවක්,  රජය අපහසුතාවයට පත් කිරීමට කළ දේශපාලන කුමන්ත්‍රණයක් සේ  සලකා විමර්ශනයක් ආරම්භ කරන බවට ඖෂධ නිශ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන  කළ ප්‍රකාශය උගත් මහචාර්යවරයෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි පහත් හැසිරීමක් බව  ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ සංගමය  නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මෙවැනි ඉතා බරපතල අභූත චෝදනා උගත් අමාත්‍යවරයෙක් යැයි තමන් විශ්වාස කළ මහාචාර්ය වරයෙකුගෙන් බලාපොරොත්තු නොවන බවත් එම සංගමය ඇමතිවරයාට දන්වා සිටී.

එම සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අසේල පෙරේරාගේ අත්සනින් යුතු එම නිවේදනයේ දැක්වෙන්නේ   මේ අමාත්‍යවරයාගේ අමානෝඥ ප්‍රකාශය දැඩි සේ හෙළා දකින බවය. ඊට  අප්‍රසාදය පල කරන බවය.   රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම පහත් හැසිරීම අවංක නිලධාරීන් දඩයම් කිරීමට ගන්නා අශිෂ්ට දේශපාලන උවමනාවන් ප්‍රකට වනබවත් එහි දක්වා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවැනි ගැටලුවල වගකීම රාජ්‍ය නිලධාරීන්ගේ හිස මත පටවා තම දෑත් පිසදා ගැනීමට උත්සාහ කරන මෙම අපරිනත දේශපාලනය තරයේම ප්‍රතික්ෂේප කරන බවත්  එම සංගමය නිවේදනය කරයි.


Exit mobile version