පේරාදෙණිය – නුවර රෝහල්වල මාරක භීතිය ඇතිකළ Ceftriaxone ප්‍රතිජීවක ඖෂධය කුමක් ද?

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී තරුණියක මිය යෑමෙන් පසු ඊයේ සවස එම ඖෂධය ම අසාත්මික වී මහනුවර රෝහලේ තවත් රෝගීන් දෙදෙනෙකු දැඩි සත්කාරයට යොමු කළ බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඇතැම් රෝගීන්ගේ කායික ප්‍රතිශක්තිකරණ මට්ටම හෝ ඒ සෞඛ්‍ය තත්ත්වයන් මත ප්‍රතිජීවක ඖෂධය ආසාත්මික වනු ඇති බවට වෛද්‍යවරු ප්‍රකාශ කළ ද මේ වන විට රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ Ceftriaxone ප්‍රතිජීවක ඖෂධය තත්ත්වයෙන් බාල වන්නට ඉඩ ඇති බවය.

Ceftriaxone නම් වූ ප්‍රතිජීවක ඖෂධය 1978 දී පේටන්ට් බලපත්‍රය ලබා ගත් ඖෂධ කාණ්ඩයකි. එය 1982 දී වෛද්‍ය භාවිතය සඳහා අනුමත කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවේ ඇති එය සාමාන්‍ය ඖෂධයක් ලෙස මෙතෙක් සාර්ථකව භාවිත කර තිබේ

බැක්ටීරියා ආසාදන වලට ප්‍රතිකාර කිරීම හෝ වැළැක්වීම සඳහා භාවිතා කරන ඖෂධයක් වන මෙය ලෝකයේ ඕනෑම රෝහලක ඉහළින් පිළිගැනෙන ඖෂධයක් බව ප්‍රකටය.


Ceftriaxone අයත් වන්නේ cephalosporin ප්‍රතිජීවක ලෙස හඳුන්වන ඖෂධ කාණ්ඩයටය. එය බැක්ටීරියා විනාශ කිරීම හෝ එහි වර්ධනය වැළැක්වීම මගින් ක්‍රියා කරන බව වෛද්‍ය විද්‍යාත්මකව දත්ත හෙළි කරයි. කෙසේ වෙතත්, මෙම ඖෂධය සෙම්ප්‍රතිශ්‍යාව, උණ හෝ වෙනත් වෛරස් ආසාදන සඳහා ක්‍රියා නොකරයි. මෙම ඖෂධය ලබා ගත හැක්කේ වෛද්‍යවරයාගේ අනිවාර්‍ය අනුමැතිය සමඟ පමණි.

මෙම ඖෂධය cephalosporin antibiotics ලෙස හඳුන්වන ඖෂධ කාණ්ඩයට අයත් වේ. මෙම ඖෂධය අතුරු ආබාධ ඇතිවීමේ අවදානම වැඩි වීම නිසා අධි රුධිර බිලිරුබින් මට්ටම් සහ නොමේරූ ළදරුවන් සමඟ අලුත උපන් බිළිඳුන් සඳහා භාවිතා කිරීම නිර්දේශ නොකරයි.

Ceftriaxone Vial භාවිතා කරන්නේ කෙසේද යන්න දැන සිටීම ද අතිශය වැදගත් ය.

සාමාන්‍යයෙන් දිනකට වරක් හෝ දෙවරක් වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි මාංශ පේශි හෝ ශිරා තුළට එන්නත් කිරීම මගින් මෙම ඖෂධය ලබා දෙනු ලැබේ. මාත්‍රාව ඔබේ සෞඛ්‍ය තත්වය සහ ප්‍රතිකාරයට දක්වන ප්‍රතිචාරය මත පදනම් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පෙන්වා දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කැසීම/ඉදිමීම (විශේෂයෙන් මුහුණ/දිව/උගුර), දරුණු කරකැවිල්ල, හුස්ම ගැනීමේ අපහසුව ඇති වන්නේ නම් මෙම ඖෂධය මත සිරුරේ ආසාත්මිකතාවයක් වර්ධනය වන බවට අනුමාන කළ හැකි බවද වෛද්‍යවරු පෙන්වා දී තිබේ.

 

Exit mobile version