පෙර පාසල් වර්ෂ අවසාන විවිධ ප්‍රසංග තහනම්…

කොවිඩ් අවදානමක් යළි මතුවිය හැකි බැවින් පෙර පාසල් වර්ෂ අවසාන  විවිධප්‍රසංග සංවිධානය නොකරන්නැයි මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා නයනා ද සිල්වා   සියලුම පෙරපාසල් ප්‍රධානීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

විවිධ ප්‍රසංග පැවැත්වීමට හෝ නැටුම් ගැයුම් පුහුණු විම සඳහා  ඒකරාශී වීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කිසිදු අවසරයක් ලබා දී නොමැති බව ඇය සඳහන් කරයි.

පෙර පාසල  අධ්‍යාපනය ලබන දරුවන් ලබන වසරේදී පාසල්වලට ඇතුළත් වීමට නියමිත බැවින් සාමාන්‍යයෙන් වසර අවසානයේදී විවිධප්‍රසංග පවත්වා දරුවන්ගේ නිර්මාණශීලී   දක්ෂතාවන් එළිදක්වන නමුත් මේ වසර තුළදී එම ක්‍රියා පිළිවෙළ කිරීමට නොහැකි වී ඇතැයි ඇය පෙන්වාදේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මුල් ළමාවිය සංවර්ධන අධ්‍යාපන මධ්‍යස්ථාන හි දිවා සුරැගුම් මධ්‍යස්ථානයන්  19216ක් දිවයිනපුරා  පවතින අතර එහි දරුවන් ලක්ෂ 5ක් ගුරුවරුන් 37000ක් යටතේ අධ්‍යාපනය ලබන බවත් අධ්‍යක්ෂවරයි සඳහන් කරයි.

Exit mobile version