පෙරහර සාර්ථකව නිම කළ බව දියවඩන නිලමේ ප්‍රමුඛ නිලමේවරු ජනපතිට දන්වති!

ඓතිහාසික දළදා පෙරහර මංගල්‍යය සහ සතර මහා දේවාලවල වාර්ෂික පෙරහර සාර්ථකව පවත්වා අවසන් කළ බව සැලකිරීම පවත්වනු ලබන සම්ප්‍රදායික උත්සවය   මහනුවර ජනාධිපති මන්දිරයේ දී අද (12) පස්වරුවේ  පැවැත්විනි.

පෙරහරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණි දියඩන නිලමේ නිලංග දෑල   ඇතුළු සතර මහා දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන් ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියසදී ජනාධිපතිතුමා විසින් පිළිගනු ලැබීය.

අනතුරුව දියවඩන නිලමේතුමා සාම්ප්‍රදායානුකූලව සංදේශය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

“සිංදු” ඇතාට පළතුරු සංග්‍රහයක්

පෙරහරේ ගමන් කළ අලි ඇතුන් සංකේතවත් කරමින් “සිංදු” ඇතාට පළතුරු සංග්‍රහයක් කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.


චිරාගත සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා ඇතුළු නිලමේවරු සමූහ ඡායාරූපයකට පෙනී සිටියේ ඉන් අනතුරුවය.

කලා ශිල්පීන් වෙත සාම්ප්‍රදායානුකූලව තිළිණ හා සම්මාන පිරිනැමීම

පෙරහරට සහභාගී වූ කලා ශිල්පීන් වෙත සාම්ප්‍රදායානුකූලව තිළිණ හා සම්මාන පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදු වු අතර, ජීවිතයට එක් වරක් පමණක් පිරිනැමෙන අතිවිශිෂ්ට සම්මාන 07ක් ඇතුළු සම්මාන 162ක් ප්‍රදානය කෙරිණ. මේ සඳහා ඇසළ පෙරහර භාරය සහ ජනාධිපති කාර්යාලය වාර්ෂිකව අනුග්‍රහය දැක්වීම සිදු කරයි.

අනතුරුව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල   විසින් ඓතිහාසික පෙරහර සමාප්තිය පිළිබඳ කරුණු ඇතුළත් සංදේශය ජනාධිපතිතුමා ප්‍රමුඛ සභාවට ඉදිරිපත් කරනු ලැබීය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ඇසළ පෙරහර භාරය” පිටිසර දේවාල වෙනුවෙන් සිදු කරන මූල්‍යාධාර ප්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණු අතර “පූජනීය දළදා සංස්කෘතිය” ග්‍රන්ථය ද පිළිගැන්විණි.

Exit mobile version