පෙම් යුවලක් ලෙසින් සිටි දෙදෙනෙක් පෙම් යුවලක් කොල්ල කාලා

මිරිස් කුඩු ගසා ගෙලට පිහි තබා තුවාල කර යතුරු පැදිය ජංගම දුරකථන කොල්ල කාලා

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාතර සම්පත් –

 මාතර වෙරළ උද්‍යානයේ සිටි පෙම් යුවළකගේ මුහුණට  මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර තියුණු  පිහි  දෙකකින්  පෙම්වතාගේ සහ පෙම්වතියගේ  ගෙල කපා තුවාල සිදු කිරීමෙන් පසු ඔවුන් සතු යතුරු පැදිය සහ ජංගම දුරකථනය   පැහැරගෙන ගිය සැකකරුවෙකු සහ සැකකාරියක  සොයා ඊයේ (27) පොලිස් පරීක්ෂණ ඇරඹිනි.
අද පෙරවරුවේ  මාතර වෙරළ උද්‍යානයේ කොන්ක්‍රීට් බංකුවක් මත වාඩි වී  මුහුද දෙස බලා සිටී තරුණ පෙම් යුවලකට මෙම ප්‍රහාරය එල්ල කර තිබුණේ ඔවුන්ට එපිට බංකුවක පෙම් යුවලක් සේ සිටි කාන්තාවක් හා පිරිමියෙකි.
 අසළ බංකුව වාඩි වී සිටි මෙම කාන්තව හා පිරිමියා  ඔවුන් දෙසට පැමිණ එකවරම මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු තියුණු පිහි දෙකක් දෙදෙනාගේ ගෙලට තබා   යතුරු පැදියේ යතුර සහ බෑ ගේ ඇති ජංගම දුරකථන දෙක පැහැ ගැනීමට උත්සාහ කර ඇත.
එවිට ඉන් ගැලවීමට උත්සාහ කිරීමේදී තරුණයාගේ සහ තරුණියගේ ගෙල ප්‍රදේශ කැපී ලේ වැගිරෙන්නට පටන් ගෙන තිබේ.
 බියට පත් ඔවුන් කෑගසන අවස්ථාවේදී  සැකකරු හා සැක කාරිය යතුරු පැදියේ යතුර සහ බෑගයේ තිබූ ජංගම දුරකතන   රැගෙන යතුරු පැදිය පණ ගන්වා එහි නැගී  පලා ගොස් ඇත .
තුවාල ලැබූ   යුවල  විලාප ගසන විට එම ස්ථානයට ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයෙක් ඔවුන් මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත. මේ වන විට දෙදෙනාගේම ගෙල ප්‍රදේශ⁣යේ කැපුම් තුවාල සහිතව මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
කොල්ල කන  ලද ඔවුන්ගේ යතුරු පැදියේ වටිනාකම රුපියල් දෙලක්ෂ ෙඅසූ නම දහසක්  වන අතර  ජංගම දුරකථනයේ වටිනාකම රුපියල් පහළොස් දහසක් වන බව පැවසේ.
මේ කොල්ලකරු හා කොල්ලකාරිය  මෙතෙක් හඳුනාගෙන නැත.
මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත්ගේ උපදෙස් මත මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි 1 විජය ගුණවර්ධනගේ මූලිකත්වයෙන් මාතර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය  වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි .

Exit mobile version