පෙම්වතුන්ගෙන් බේරගන්න කපුවන් නල්ලූර් කෝවිලට කළුතෙල් ගහලා…

දිනසේන රතුගමගේ –

යාපනයේ නල්ලූර් කන්දසාමී කෝවිලේ බැමි වලට කලුතෙල් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට  28 දා යාපනයේ ජනතාව මහත් සේ කැළඹීමකට පත් වූ අතර ඒ සම්බන්ධයෙන් කෝවිල් බාරකාර මණ්ඩලය නිවේදනයක් නිකුත් කිරීමෙන් පසුව තත්ත්වය සමථයකට පත් වුණි.

කෝවිලේ බැමි වලට කලුතෙල් වත්කොට ඇත්තේ කෝවිල් බාරකාර මණ්ඩලයේම පිරිසක් වන අතර ඔවුන් එසේ කොට ඇත්තේ පෙම්වතුන් ජෝඩු පිටින් පැමිණ කෝවිලේ බිත්ති මත වාඩි වී පෙම්කරන්නට පටන් ගැනීමත් නිසා බව කෝවිල් බාරකාර මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙමළ හින්දු සංස්කෘතිය තුළ අතීතයේදී මෙවැනි ශෝචනීය තත්ත්වයක් දැක ගන්නට නොලැබුණද වත්මන් පරම්පරාව ආගමික ස්ථාන වල ගෞරවය කෙළෙසමින් කටයුතු කිරීම නිසා එම ස්ථාන වල පූජනීයභාවය හා සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීම සදහා මෙවැනි ක්‍රියා මාර්ග අනුගමනය කිරීමට සිදුව ඇතැයිද කෝවිල් බාරකාර මණ්ඩලය සදහන් කරයි.


Exit mobile version