පෙම්වතිය ගබ්සා කර දෙන්නැයි පෙම්වතා වෛද්‍යවරයාට ගහන්න හදලා

පෙම්වතියට ගබ්සාවක් කර දෙන ලෙස තර්ජනය කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ මාතෘ හා නාරිවේද වෛද්‍ය ප්‍රතිකාර වාට්ටුවේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකුට පහර දීමට තැත් කළ තරුණයකු අත්අඩංගුවට ගැනීම සඳහා මැල්සිරිපුර පොලිසිය පරීක්ෂණ කරමින් සිටියි.

සැකකාර තරුණයා මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයකි. ඔහුගේ පෙම්වතිය ලෙස හඳුන්වන්නේ මැල්සිරිපුර ප්‍රදේශයේම පදිංචි 19 හැවිරිදි අවිවාහක කාන්තාවකි.

සති 29ක පමණ වයසැති නොමේරු කලලයක් සහිත ඇය තමන්ට අපහසුතා ඇති බව පවසමින් මීට දින දෙකකට පමණ ඉහතදී ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් වී තිබේ. එදින පටන් එම කාන්තාව බැලීමට සැකකරු ⁣රෝහලට පැමිණ ඇති බවත් එහිදී ඔහු කාන්තාවගේ දරු ගැබ ඉවත් කර ඇගේ ජීවිතය බේරා දෙන ලෙස ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා ඇති බවත් පැවසේ.

වෛද්‍ය කාර්ය මණ්ඩලය ගැබිනිය පරීක්ෂා කිරීමෙන් පසුව ඇයට හෝ ඇයගේ කුස තුළ සිටින දරුවාට කිසිදු අවදානම් තත්ත්වයක් නැති බව පවසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.


වෛද්‍යවරුන් පවසන දේ තරයේම ප්‍රතික්ෂේප කරමින් තරුණයා අනිවාර්යයෙන්ම ගබ්සාවක් කරන ලෙස වෛද්‍ය කාර්ය මණ්ඩලයට බල කර ඇතැයි පැවසේ.

එම ප්‍රතිකාර ඒකකය භාර ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයකුමේ පිළිබඳ පැහැදිලි කර දීමට පෙරේදා (8 වැනිදා) පස්වරුවේ තම නිල කාමරයට ඔහු කැඳවූ අවස්ථාවේදී වෛද්‍යවරයා ඉදිරිපත් කළ කරුණු පිළිනොගෙන සැකකරු එම වෛද්‍යවරයාගේ කමිසයේ කොලරයෙන් අල්ලා ඔහුට පහර දීමට උත්සාහ දරා ඇත. පහරදීම වැළැක්වීම සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩලය මැදිහත් වූ අවස්ථාවේදී සැකකාර තරුණයා රෝහලෙන් පිටතට පලා ගොස් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධයෙන් වාට්ටුවේ කාර්ය මණ්ඩලය රෝහල් පොලිසියට පැමිණිලි කර ඇත. එම සිද්ධියෙන් පසු ගමෙන්ද පලා ගොස් සිටින සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මැල්සිරිපුර පොලිසිය කටයුතු කරමින් සිටි.

Exit mobile version