පෙම්වතියට ආදරේ පෙන්වන්න පෙම්වතා අතයි බෙල්ලයි කපාගෙන.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාතර සම්පත් –

මාතර නගරයේ දී  තරුණියක්   පැහැරගෙන මාතර කිරල කැලය අභයභූමියට  රැගෙන විත්  බලහත්කාරයෙන් ඇයගේ ආදරය ඇයද සිට එය නොලැබීම නිසා එම තරුණයා ඔහුගේ අත සහ බෙල්ල කපා ගෙන  බරපතළ තත්ත්වයේ පසුවන අතර මේ වන විට   පොලිස් අත්අඩංගුව මත  රෝහල්ගතව ප්‍රතිකාර ප්‍රතිකාර ලබයි .
මාතර පරමුල්ල ප්‍රදේශයේ  උපකාරක පන්තියකට යමින් සිටි 22 හැවිරිදි තරුණියකගේ    බෙල්ලට පිහියක් තබා බිය ගන්වා බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයට නංවාගෙන ගෙන පැමිණ මෙම තරුණයා ඇයගෙන් මෙසේ ආදරය ඉල්ලා ඇත.
 තරුණිය පැහැර ගත් ත්‍රීරෝද ත්‍රිරෝද රථය මාතර නගරය ඔස්සේ පැමිණ නූපේ මංසන්ධියෙන් අකුරැස්ස දෙසට  ගමන් කරන විට එම ත්‍රිරෝද රථය පිටුපසින් පොලිස් යතුරු පැදියක්   පැමිණ ඔවුන්ගේ ත්‍රිරෝද රථය නතර කරන ලෙස විධාන පනවා තිබේ.
එහෙත් පොලිස් අණ නොතකා ගමන් කළ ත්‍රි රෝද රථය ගොඩගම ප්‍රදේශයෙන් කිරල කැලයට ඇතුළු  වී ඇතැයි පැවසේ .
කිරල කැලේ පාලුයි ස්ථානයකට ගොස් නතර කර ත්‍රීරෝද රථයේ සිටි තරුණයා  තමාට ආදරය කරන ලෙසත් තමා ආදරය බවත් පැවසුව ද තරුණිය ඊට අකැමැති වී ඇති බැවින්  ආදරේ බව පෙන්වීමට ඕනෑම දෙයක් කළ හැකි බව පවසා  මෙම තරුණයා අත තිබූ තියුණු මුවහත් පිහියෙන් අත කපා පෙන්වා තිබේ.
නැවතත් ආදරය ගැන  විමසා ඇති තරුණයා   එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු   තරුණිය ඉදිරියේම   ගෙල කපා ගෙන තිබේ .  ගෙල කපා ගැනීමත් සමග තරුණයා එකවරම බිම වැටී ඇත.
මේ වන විට පොලිස් යතුරුපැදිය   ඔවුන් සිටි තැනට  පැමිණ තිබේ. එම අවස්ථාව වන විටත්  ගෙල කපාගෙන තරුණයා බිම වැටී සිටි අතර තරුණියට ද එය දැකීමෙන් සිහිසුන් වී වැටි සිට ඇත.
පොලිසිය වහා ක්‍රියාත්මක වී මොවුන් මාතර මහ රෝහලට රැගෙන විත් ඇති අතර සැකකාර තරුණයා  පොලිස් භාරයේ මාතර මහරෝහලේ ප්‍රතිකාර ලබයි .
මෙම තරුණයා සමඟ මීට මාස නමයකට නමයකට පමණ පෙර මෙම තරුණිය හා ප්‍රේම සම්බන්ධතාවයක් ඇති ව තිබූ බවත් පසුව තරුණිය විසින් එය නතර කර පෙම්වතාගේ දුරකථන ඇමතුන් නොලැබෙන පරිදි අවහිර කර ඇති බවද පොලිස් පරීක්ෂණවලින් අනාවරණය විය.
සිද්ධිය සම්බන්ධව මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අධිකාරි චන්දන හේරත්  ගේ උපදෙස් මත මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි 1 විජය ගුණවර්ධන මාතර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  ධම්මික අමරසේන  යන නිලධාරීන්ගෙන් මූලිකත්වයෙන් මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කෙරේ.
සැකකරු රෝහලෙන් පිටව ආපසු මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version