පෙම්වතියටත් මවටත් මාරාන්තික කඩු ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයෙක් සිය දිවි නසාගෙන…

දිනසේන රතුගමගේ –

පෙම්වතියට හා ඇගේ මවට මාරාන්තික කඩු ප්‍රහාරයක් එල්ල කළ යාපනයේ තරුණයෙකු අසල කුඹුරක ගසක එල්ලී ඊයේ  (16 ) සිය දිවි හානිකරගෙන තිබේ.

යාපනයේ ඉලවාලී පණ්ඩතරිප්පු පනිපුලම් ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුව තිබේ. සිද්ධියට සම්බන්ධ තරුණයා කාලයක සිට එම තරුණිය සමග පෙමින් වෙලී සිට ඇති අතර මව ඊට තරයේ විරුද්ධ වී දියණියද මවගේ පැත්තට හරවා ගැනීම නිසා උරණ වූ තරුණයා ඔවුන්ගේ නිවසට කඩුවක් රැගෙන ගොස් දෙදෙනාම  කඩුවෙන් කපා කොටා තුවාල සිදු කොට ඇත

මව හා දියණිය තුවාල ලබා විලාප තබමින් බිම ඇද වැටුණු අවස්ථවේදී තරුණයා අසල කුඹුරකට දිව ගොස් ගසක එල්ලී සියදිවි හානි කරගෙන තිබේ

මෙලෙස මිය ගොස් ඇත්තේ පනිපුලම් ප්රදේශයේ පදිංචි 25 හැවිරිදි ගුණතිලකම් ප්‍රනවන්නැමති  අයෙකි


ඔහු  ප්‍රදේශයේ කුඩා වෙළද සැලක් පවත්වා ගෙන යන අයෙකි.

කඩු ප්‍රහාර වලින් බරපතල ලෙස තුවාල ලබා ඇති මව  හා දියණිය ප්‍රතිකාර සදහා තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉලවාලී පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version