පෘතුගාලයත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එනන්ත අත්හිටුවයි…

පෘතුගාලයත්  ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය අත්හිටුවීමට   තීරණය කර තිබේ.

මහජන සෞඛ්‍යය සහ පූර්වාරක්ෂාව ගැන සැලකිලිමත් වෙමින් එම පියවර ගත් බව එරට ජාතික සෞඛ්‍ය අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය.

අදාළ එන්නත ලබාගත් පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන් පසුගිය දිනවල රුධිර කැටි ගැසීම් වාර්තා වීම හේතුවෙන් එන්නත භාවිතය අත්හිටුවීමට ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය සහ ස්පාඤ්ඤය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක් පියවර ගනු ලැබුවේය.


යුරෝපා සංගමයට අයත් රටවල් සහ බ්‍රිතානයේ පමණක් පුද්ගලයින් මිලියන 17 කට පමණ මේ වනවිට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදී ඇති අතර, ඒ අතරින් පුද්ගලයින් 40 දෙනෙකුට පමණ රුධිර කැටි ගැසීම් සිදුව ඇති බව යි වාර්තා වී වන්නේ.

කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, ඇස්ට්‍රාසෙනිකා එන්නත මගින් රුධිර කැටි ගැසීම් සිදු වන බවට කිසිදු සාක්ෂියක් නොමැති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම සිද්ධීන් සාමාන්‍යයෙන් ජනගහනය අතරින් වාර්තා වන රුධිර කැටි ගැසීම් සංඛ්‍යාවට වඩා වැඩි නොවන බවත්, එන්නත භාවිතය නතර නොකරන ලෙස ලොව පුරා රටවලින් ඉල්ලා සිටින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත.

 

 

 

 

 

 

 

Exit mobile version