පූර්ණ දෘශ්‍යාබාධිත දෙදෙනෙකු පළමු වරට විශේෂ ගෞරව උපාධි හිමිකර ගනී

දිනසේන රතුගමගේ

යාපනය විශ්ව විද්‍යාලයේ මෙවර පැවති උපාධි ප්‍රධානෝත්සවයේදී පලමු වතාවට පූර්ණ දෘෂ්‍යාබාධිත දෙදෙනෙකු විශේෂ ගෞරව උපාධී හිමිකරගෙන තිබේ.

යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේ පිහිටි සභාපතිපිල්ලේ දෘෂ්‍යාබාධිත පාසලේ ඉගෙනීම ලබා යාපනය විශ්ව විද්‍යාලයට පැමිණි සබේසන් කාත්සානී දේශපාලන විද්‍යාව පිළිබද විශේෂ ගෞරව උපාධියද එම පාසලෙන්ම පැමිණි විජයකුමාර් විජයනාදන් සමාජ විද්‍යාව පිළිබදව විශේෂ ගෞරව උපාධියද හිමි කර ගැනීමට සමත් වී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය විශ්ව විද්‍යාල ඉතිහාසයේ පුර්ණ දෘෂ්‍යාබාධිත දෙදෙනෙකු එකම උපාධී ප්‍රධානෝත්වයකදී විශේෂ ගෞරව උපාධී හිමි කරගෙන ඇති පලමු අවස්ථාව බවට මේ අවස්ථාව යාපනය විශ්ව විද්‍යාල ඉතිහාසයට එක්ව තිබේ.

Exit mobile version