පුවත් පත් කතුවර එල්මෝ ගුණරත්නත් කොවිඩ් අභියස දිවිය නිම කරයි…

Elmo-G

එල්මෝ ගුණරත්න

ප්‍රවීන පුවත් පත් කතුවරයකු සහ ජ්‍යෙෂඨතම  පුවත්පත් කලාවේදියකු වන  එල්මෝ ගුණරත්න මහතා අද කොවිඩ් ආසාදනය හේතුවෙන් (28) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත. මෙරට පැවති මාධ්‍ය ආයතනයක් වූ ටයිමිස් ඔෆ් සිලෝන් පුවත් පතේ කළමනාකාර කර්තෘවරයා ලෙස කටයුතු කළ එල්මෝ ගුණරත්න මහතා ලංකාදීප’ – ‘සන්ඩේ ටයිම්ස්’ සහ ඩේලිමිරර්’ යන සිංහල-ඉංග්‍රීසි පුවත්පත් තුනේම එකවර කර්තෘ ධූරය දැරූ ලංකාවේ පළමු සහ එකම පුවත්පත් කලාවේදියා ලෙසින්ද සැලකෙයි.

ජීවිතයෙන් සමුගන්නා විට  89 වැනි වියේ පසුවූ ගුණරත්න මහතා දශක 6ක් පුරා පුවත් පත් ක්ෂේත්‍රයේ  කටයුතු කළ අතර මෑතක් වන තුරුම ලේඛනයෙන් සහ සම්පත් දායකත්වයෙන් පුවත්පත්වලට සම්බන්ධ විය. මව්බිම පුවත් පතේ සහ ජනයුගය පුවත් පතේ  ආරම්භක කර්තෘවරයා මෙන්ම මව්රට පුවත් පතේ වර්තමාන ප්‍රධාන කර්තෘවරයා වන  තුෂාර ගුණරත්න මහතා ඇතුළු පුතුන් සිව්දෙනකුගේ පියාණන් වන අතර ඔහුගේ වැඩිමහල් පුත්‍ර දමිත ගුණරත්නද මීට දින දෙකකට පෙර හදිසියේ අභාවප්‍රාප්ත විය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වූ ගුණරත්න මහතා සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළේ සිංහලයා’ පුවත්පතෙන් සිය මාධ්‍ය දිවිය අරඹා ඇති අතර  පසුව ලේක්හවුස් ආයතනයේ සේවයට බැඳුණද එම ආයතනය රජයට පවරා ගැනීමත් සමග ඊට විරෝධය පළ කොට ඉල්ලා අස් විය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන් අනතුරව තායිලන්තයේ බැංකොක් පෝස්ට්’ පුවත්පතේ ප්‍රධාන උපකර්තෘවරයා වශයෙන් කලක් සේවය කොට මෙරටට පැමිණ  1978 දී  එවකට පැවැති ටයිම්ස් ඔෆ් සිලෝන්’ ආයතනයේ කළමනාකාර කර්තෘවරයා වශයෙන් රාජකාරී  කළේය.

 

Exit mobile version