පුරාවස්තුවලට හානි කර බන්ධනාගාරගතවී සිටි පූජකයා ඇතුළු තිදෙනාට ඇප…

සුමන්තිරන් පෙනී සිටී...

දිනසේන රතුගමගේ –

වවුනියාව නෙඩුන්කේණී වෙඩුක්කුනාරී සිද්ධස්ථානයේ පුරා වස්තු වලට හානි කිරීමේ චෝදනාව මත බන්ධනාගාර ගත කොට සිටි එම ස්ථානයට නුදුරෙන් පිහිටි ආදී ලිංගේස්වර කෝවිලේ ප්‍රධාන පූජකවරයා ඇතුළු තුන් දෙනෙකු වවුනියාව මහේස්ත්‍රාත්වරයා විසින් 27 දා ඇප මත නිදහස් කොට එම නඩුව මහාධිකරණයේ විභාග කළ යුතු නඩුවක් බවට තීන්දු කළේය.

ඒ අනුව ඇප අත නිදහස් වූ තුන් දෙනා වෙනුවෙන් එම නඩුව වවුනියාව මහාධිකරණයේදී මැයි මස 5 වෙනිදා විභාග වීමට නියමිතය.

කෝවිල පිහිටුවා ගත් කටාරම් කෙටූ ලෙන් ආරාමය

නෙඩුන්කේණී පොලීසිය විසින් ගොණු කරණ ලද  නඩුව විභාගයට ගත් පසු ගිය ජනවාරී 22 වෙනිදා පොලීසිය ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන  ආදී ලිංගේස්වර කෝවිලේ ප්‍රධාන පූජකවරයා ඇතුළු තුන් දෙනා ජනවාරී මස 27 වෙනිදා දක්වා බන්ධනාගාර ගත කරණ  ලෙස වවුනියාව මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබුණි.


එම විත්තිකරුවන් තුන් දෙනා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ එම ස්ථානය පුරා විද්‍යා ස්ථානයක් වුවත් හින්දු බැතිමතුන්ගේ  වන්දනාමාන කටයුතු සඳහා ආදී ලිංගේස්වර නමින් කෝවිලක් ඇති බවත් විත්තිකරුවන් එම ප්‍රදේශයට ඇතුළු වන්නේ වන්දනාමාන කටයුතු සඳාහා පමණක් බවත්ය.

අනුරාධපුරයේ රුවන්වැලි සෑය පොළොන්නරුවේ තවත් විහාරස්ථාන මෙන් මේ ස්ථානයද ආගමික ස්ථානයක් බැවින්  ජනතාව මෙන්ම මෙම විත්තිකරුවන් තිදෙනා ගොස් ඇත්තේද ආගමික කටයුතු සඳහා බැවින් ඔවුන්ට ලිහිල් කොන්දේසි මත ඇප නියම කරණ ලෙස සුමන්තිරන් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ස්ථානයේ පිහිටි ලී ඉණිමගක් ඉවත් කිරීම හා තවත් පුරා වස්තුවලට මේ පිරිස විසින් හානි සිදු කොට ඇති බව නෙඩුන්කේණී පොලිසිය විසින් අධිකරණයට කළ දැණුම් දීමට අනුව  මෙම නඩුව මහාධිකරණයේ විභාග විය යුතු බව දන්වමින් විත්තිකරුවන්ට ඇප නියම කළ විනිසුරුවරයා නඩුව කල් තැබීම සිදු  කරණ ලදී.

නඩුවෙන් පසු මාධ්‍ය අමතමින්

නඩු විභාගයෙන් පසුව මාධ්‍යවේදීන්ට අදහස් දැක්වූ සුමන්තිරන් නීතිඥවරයා කියා සිටියේ පොලීසිය මුලින් මේ නඩුව පවරා ඇති ආකාරය හා ක්‍රමය පසුව සම්පූර්ණයෙන්ම වෙනස් කොට ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ නිසා ආගමික ස්ථානයක ප්‍රධාන පූජකවරයා ඇතුළු එම විත්තිකරුවන් තුන්දෙනා බරපතල වරදක් හෝ පුරා විද්‍යා ආඥා පනත උල්ලංඝනය කොට නොමැති නිසා ඔවුන්ට අධිකරණයෙන් සාධාරණය ඉටු වන බවද  ප්‍රකාශ කළේය.

 

Exit mobile version