පුද්ගලික රෝහල් දෙකක් හෝටල් දෙකක කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවයි…

නතාෂා නෙත්මිණී  –                                               

කොවිඩ් වෛරසය ආසාදිත වූවන් ට ප්‍රතිකාර ලබා දීම සඳහා කොළඹ හෝටල් දෙකක් ලබා දීමට නවලෝක රෝහල සහ ලංකා රෝහල  ඉදිරිපත් වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

රජයේ රෝහල් තුළ ප්‍රතිකාර ලබාගැනීමට අකමැති පුද්ගලයින්ට මුදල් ගෙවා මෙම පෞද්ගලික රෝහල්වලින් පාලනය වන හෝටල්වල ඇතුළු වීමේ හැකියාව පවතින බව ද ඔහු පැවසීය.

පෞද්ගලික රෝහල් සමග සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීන් පසුගිය දිනවල පැවැත් වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව පෞද්ගලික රෝහල් දෙකක් දැනට මේ සඳහා කැමැත්ත පළ කර ඇතැයි ද ඉදිරියේදී තවත් රෝහල් කීපයක් සිය කැමැත්ත පළ කිරීමට කටයුතු කරනු ඇතැයිද හෙතෙම  සඳහන් කළේය‍.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනටමත් හබරාදූ ප්‍රදේශයේ හෝටලයක් මෙසේ කොවිඩ් රෝගීන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක කර ඇත. එය හමුදාවේ අධීක්ෂණය සහ පාලනය යටතේ ක්‍රියාත්මක වේ.

Exit mobile version