පුද්ගලයෙකුට සතිපතා සීමිත ඉන්ධන කෝටාවක්… ලබන මස සිට ළඟම ෂෙඩ් එකෙන් ඉන්ධන සලාක ක්‍රමයට !

එක් ඉන්ධන හළකින් එක් පුද්ගලයකුට සතියකට වරක් සීමා සහිත ඉන්ධන කෝටාවක් ලැබෙන පරිදි සලාක ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම ලබන මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බල සහ බලශක්ති අමත්‍ය කාංචන විජේසේකර පවසයි.

ඔහු පවසන්නේ පෙර තිබූ ඇස්තමේන්තු සලකා සතියකට ප්‍රමාණවත් ඉන්ධන වෙළෙඳපොළට නිකුත් කළද අතැම් පුද්ගලයන් තමන්ට මාසකට අවශ්‍ය ඉන්ධන  තොග රැස් කරන තත්ත්වයක් මේ වනවිට නිර්මාණය වී ඇති බවයි.

එම තත්ත්ව වළක්වාලීමේ අරමුණින් තමන් පදිංචි ප්‍රදේශයේ ඉන්ධන හළක ලියාපදිංචි වීමේ ක්‍රමයක් ඇති  කිරීමට බලාපොරොත්තු වන බවත් එයින් තමන්ට සතියට අවශ්‍ය ඉන්ධන  කෝටාවක් නිකුත් කිරීමට කටයුතු කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

ඇමතිවරයාට අනුව ස්ථාවර ඉන්ධන සැලසුමක් සහ අඛණ්ඩ විදුලිය සැපයුමක් සහතික කරන තුරු මෙරට ඉන්ධන සැපයුම කළමනාකරණය අපහසු කාර්යයක් වන අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හැකිව තිබෙන්නේ පවතින  විදේශ විනිමය සීමා සහිතව සතියකට ප්‍රමාණවත් ඉන්ධන තොග ගෙන්වා ගැනීමට පමණි.


මේ වනවිට රටේ අඛණ්ඩ විදුලිය සැපයීම සඳහා අවශ්‍ය ඩීසල්. නැප්තා සහ ෆර්නේස් ගෙන්වීමට අතිරේක ඩොලර් මිලියන 100ක් පමණ වැය වන අතර පවතින ගෑස් හිගය හේතුවෙන් විදුලියට සහ භූමිතෙල් ඉල්ලුම ද ඉහළ ගොස් ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම තත්ත්ව සියල්ල හේතුවෙන් මීට මාස හතරක පමණ ඇමෙරිකානු ඩොර් මිලියන 200ක් පමණ වූ මාසික ඉන්ධන බිල මේ වනවිට ඩොලර් මිලියන 550ක් දක්වා වැඩි වී තිබේ.

Exit mobile version