පුද්ගලයෙකුගේ  මූලික අයිතිවාසිකම් කඩ කළ දේශබන්දු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ   වරදකරුවෙක් වෙයි…

IGP Deshabandu and other involved police officers ordered to pay compensation of 20 lakhs

DESHABANDU

පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමේ වරදට වරදකරුවන් වූ  වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්   ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකුට ස්වකීය පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂ 20ක වන්දියක්    ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) නියෝග කළේය.

මීට අමතරව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සිද්ධියට සම්බන්ධ සියලුම පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික පොලිස් කොමිසම ඇතුළු බලධාරීන්ට වැඩිදුරටත් නියෝග කරනු ලැබුවේය.

වර්ෂ 2011 දි  තමන් නීති විරෝධී ලෙස අත් අඩංගුවට ගෙන   මිරිහාන පොලිස් ස්ථානයේ  රඳවා තබා ගනිමින් මේ වනවිට   වැඩබලන පොලිස්පති ලෙස සිටින දේශබන්දු තෙන්නකෝන් ගේ අධීක්ෂණය යටතේ    පොලිස් නිලධාරීන් සිවුදෙනකු තමන්ට වද හිංසා පැමිණ වූ බවත් ඉන් තමන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වූ බවත් කියමින් මෙම පෙත්සම ගොනුකර තිබුණේ  ඩබ්ලිව් රංජිත් සුමංගල  නැමැති අයෙක් විසිනි.

උක්ත නිලධාරීන්  ඔහුව  නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන වධහිංසා පැමිණවීම තුළින් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව අද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.


මෙම කාරණයට සම්බන්ධ වූ පුද්ගලික පාර්ශ්වයක් වන අජිත් වනසුන්දර (යුද හමුදාවේ විශ්‍රාමික සාජන් මේජර්) ද වගකිව යුතු අතර ඔහු ද  වන්දි ගෙවීමට යටත් විය.

ඊට අමතරව පෙත්සම්කරුට රුපියල් 100,000 ක වන්දියක් ගෙවන ලෙස අධිකරණය රජයට නියෝග කළේය.

නීතීඥ සරිතා ද ෆොන්සේකා සහ තිළිණි විදානගමගේ සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ විරාන් කොරයා  පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි අතර රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඉඳුනි පුංචිහේවා දේශබන්දු  තෙන්නකෝන් සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියාය.

කුමුදිනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත යන විනිසුරුවරුන් සමඟින් එස්.තුරෙයිරාජා විනිසුරුවරයා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගේ එකඟතාවය මත විනිසුරු එස්.තුරෙයිරාජා   විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. ( ලක්මාල් සූරියගොඩ – ඩේලි මිරර්)

Exit mobile version