පුද්ගලයන් 9ක් මරා දැමූ ‘ට්විටර් ඝාතකයාට’ මරණ දඬුවම

සියදිවි නසාගැනීමේ අදහස් සමාජ මාධ්‍යවල පළ කළ පුද්ගලයින් 9 දෙනෙකු 2017දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජපානයේ “ට්විටර් ඝාතකයා” ලෙස නම් කරන ලද පුද්ගලයෙකුට ටෝකියෝ දිසා අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.

මෙලෙස මරණ දඬුවම නියම වූයේ 30 හැවිරිදි තකහිරෝ ශිරාෂිට ය.

ටෝකියෝ දිසා අධිකරණයේ ටචිකාවා ශාඛාව විසින් තීන්දු කළේ නව දෙනෙකු ඝාතනය කිරීම, කැබලි කිරීම සහ කානගාවා ප්‍රාන්තයේ පිහිටි ඔහුගේ මහල් නිවාසයේ ගබඩා කිරීම යන චෝදනා යටතේ මොහු වැරදිකරු බවයි.


මුලසුන හෙබවූ විනිසුරු නාඕකුනි යානෝ තීන්දු කළේ වින්දිතයන් නවදෙනා ඝාතනය කිරීමට එකඟ නොවන බවත්, ඝාතනවලට වගකිව යුතු තරමට ශිරාෂි සුදුසු මානසික තත්ත්වයක බවත්ය.

විනිසුරුවරයා මෙම අපරාධ මාලාව හඳුන්වන ලද්දේ “අපරාධ ඉතිහාසයේ අතිශය දරුණු” අපරාධයක් ලෙසයි.

සමාජ මාධ්‍ය තුළ මෙවැනි අපරාධ කෙතරම් ගැඹුරට මුල් බැස තිබේද යන්න පිළිබඳව ජනතාව සැලකිලිමත් වීමට ද මෙම නඩුව හේතුවක් විය යුතු බව විනිසුරුවරයා තීන්දුව මගින් පෙන්වා දී තිබේ.

ගිහි විනිසුරු නඩු විභාගයේ ප්‍රධාන තර්කය වූයේ ශිරාෂි වින්දිතයින්ගේ කැමැත්තෙන් ඝාතනය කළේ ද යන්නයි.

අපරාධ සම්බන්ධයෙන් වරද පිළිගත් ශිරාෂිට මරණීය දණ්ඩනය නියම කර ඇති නමුත් විත්තියේ නීතිඥයින් තර්ක කර තිබුණේ ඔහු වැරදිකරු වූයේ මිනීමැරීමට වඩා අවමයෙන් වන චෝදනාවට එනම් කැමැත්තෙන් ඝාතනය වීම යන්නට බවත්, ඔහු යැවූ පණිවිඩ පදනම් කරගෙන ඔහුගේ ගොදුරු වූවන්ගේ අනුමැතිය ඊට ඇති බවත්ය.

විත්තියෙන් ඉදිරිපත් වූ කරුණු මගින් කියා සිටියේ ශිරාෂි එක්කෝ මානසික දුබලතාවකින් මෙය කරන්නට ඇති බවයි.

එහෙත් 2018 සැප්තැම්බර් මාසයේදී ඔහුගේ අධිචෝදනා පත්‍රයට පෙර මාස පහක මනෝචිකිත්සක පරීක්ෂණයකට භාජනය කිරීමෙන් පසු ඔහු සාපරාධී ලෙස වගකිව යුතු බව නිගමනය විය.

අධිචෝදනා පත්‍රයට අනුව,
2017 අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා ටෝකියෝ නුවර සිට තවත් ප්‍රාන්ත හතරක කාන්තාවන් අට දෙනෙකු සහ වයස අවුරුදු 15 ත් 26 ත් අතර පිරිමියෙකු ගෙල සිර කර මරා දමන ලදී. මරාදමන ලද කාන්තාවන් මියයාමට පෙර මොහුගේ ලිංගික අතවරයටද ලක්වූ බව වාර්තා වේ.

සිය ගොදුරු වූවන්ට ට්විටර් හරහා මියයෑමට උදව් කරන බවට ඔහු පොරොන්දු වී ඇත.

ට්විටර් හි සියදිවි නසාගැනීමේ අදහස් ප්‍රකාශ කිරීමෙන් පසුව ඔවුන්ට සමා හි පිහිටි ඔහුගේ මහල් නිවාසයට මෙම ඝාතකයා ආරාධනා කර ඇත.

මෙම නඩුව බොහෝ දෙනෙකු මවිතයට පත් කර තිබූ අතර මේ හේතුවෙන් ජපානය, උපකාර අවශ්‍ය තරුණ තරුණියන් සඳහා සහයෝගය වැඩි කිරීමට මධ්‍යම රජය සහ සමාජ මාධ්‍ය ව්‍යාපාරයන් වැඩියෙන් දායක වෙමින් සිටී.

ටෝකියෝහි අතුරුදහන් වූ 23 හැවිරිදි කාන්තාවක් සෙවීමේදී පොලිස් නිලධාරීන් ශිරාෂිගේ මහල් නිවාසයට ගොස් ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී සිරුරු කොටස් අඩංගු සිසිලන උපකරණ කිහිපයක් සොයා ගැනිණි.

පසුව ඇය ඔහුට ගොදුරු වූවන්ගෙන් එක් අයෙකු බවට පත්වීමත් සමඟ මෙම ඝාතන වැල මුල්වරට අනාවරණය විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශිරාෂි පැවසුවේ මරණ දඬුවම ලබා දුන්නද අභියාචනයක් ඉදිරිපත් නොකරන බවයි.

Exit mobile version