මහනුවර ධර්මරාජ සහ කිංස්වුඩ් විද්‍යාලය අතර ඊයේ (20) පේරාදෙණිය සරසවි ක්‍රීඩාංගනයේ පැවති දෙවන පෙළ පාසල් ක්‍රිකට් තරගයකට තම පුත්‍රයා සහභාගී කරනොගැනීම පිළිබඳ උරණ වූ වැඩ තහනමකට ලක් වී ඇති පොලිස් පරීක්ෂවරයෙක් විසින් ක්‍රීඩා භාර ආචාර්යවරයාට සහ ක්‍රිකට් පුහුණු කරුට පහර දීමක් පිළිබඳ පර්යේෂණ ආරම්භ වී ඇතැයි පේරාදෙණිය පොලිසිය කියයි.
තරගය ඊයේ (20) උදේ 10ට පමණ ආරම්භ වීමට නියමිතව තිබිය දී මෙම පුද්ගලයා විසින් සිය පුතා ධර්මරාජ කණ්ඩායම වෙනුවෙන් තරගයට ක්‍රීඩා කිරීමට තෝරා නොගැනීම නිසා උරණ වී මේ පහර දීම සිදුකර ඇත.
සිද්ධිය සම්බන්ධව ක්‍රීඩා භාර ආචාර්යවරයාත්, පුහුණු කරුත්, පහර දීම කළ වැඩ තහනමට ලක් වූ පොලිස් පරීක්ෂකවරයාත් වෙන වෙනම පේරාදෙණිය පොලිසටය පැමිණි කර තිබේ.
සිද්ධිය පිළිඳ විමර්ශන පවත්වයි.