පුච්චනව ද වළලනව ද තීන්දු කරන්න විද්වත් මණ්ඩලයකට දී  ඇත්ත ප්‍රශ්නයට උත්තර දෙන්න…

රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර් පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමි

කොරෝනා ව්‍යසනයෙන් මිය යන පුද්ගලයන් වළදැමිය යුතුද,    ආදහනය කළ යුතු ද යන්න   ප්‍රමාණික දැනුමක් සහිත සෞඛ්‍ය අංශ ඇතුළු විද්වත් මණ්ඩලයකින් ගත යුතු විද්‍යාත්මක තීන්දුවක් බවත්, ජාතික වශයෙන් වැදගත් එම සංවේදී සංස්කෘතික ප්‍රශ්නය ඉදිරියට දමා සිල්ලර දේශපාලනයක් නොකර පාලකයන් කළ යුත්තේ කොවිඩ් වසංගතයෙන් ජනතාව මරණයට පත්වීම වළක්වා ගැනීම සඳහා විධිමත් වැඩ පිළිවෙළක් දියත් කිරීම බවත් රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර් පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියෝ ලංකාසරට පැවසූහ.

“ දැනට පිලිගත් සම්මතයක් තියනවා වඩාත් සෞඛ්‍ය ආරක්ෂිත වෙන ක්‍රමවේදය කොවිඩ් ආසාදිත පුද්ගලයන්ගේ දේහ ආදාහනය කිරීම බව. ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කරලා තියන ව්‍යතිරේකත් සලකා බලා දේහයන් පිළිබද අවසාන කටයුතු මේ රටේ කළ යුතු ආකාරය සම්බන්ධව අවසන් නිශ්ඡිත නිගමනයකට එන්න ඕන ඒ සම්බන්ධ ප්‍රමාණික විද්වතුන්. මොකද ඒක ජාතික වශයෙන් වැදගත් විද්‍යාත්මක තීන්දුවක්. එවැනි තීන්දු කොහොමද  අන්තවාදී මූලධර්මවාදී සංවිධාන හෝ දේශපාලකයන් ගන්නේ.“

“ ඉතාම පැහැදිලිව මේ ආණ්ඩුව හදන්නෙ කොවිඩ් නිසා මිය යන මිනිස්සු පුච්චනව ද වළලනවද වගේ ප්‍රශ්න ඉස්සරහට දාලා  රට මුහුණ පා තිබෙන කොවිඩ් ව්‍යසනය හා ඒ ආශ්‍රිතව ගොඩනැගෙන අනෙක්තු සැබෑ ප්‍රශ්න යටපත් කරන්න. “


“ තව දුරටත් ජනතාවගේ ඇස්වලට වැලි ගැසීම සඳහා ජාති ආගම් කුල භේද පටලවාගෙන කොවිඩ් වලටත් වඩා විශාල ව්‍යසනයක් නිර්මාණය නොකර   නිවෙස් තුළ තමන්ට කොවිඩ් ආසාදනය වී ඇතිදැයිවත් නොදැන මිය යනන්ට පටන් අරන් ඇති අසරණ ජීවිත බේරා ගන්න වැඩපිළිවෙළක් හදන්න..“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියො පැවසූහ.

Exit mobile version