පුංචි චන්දයට වියදම රුපියල් බිලියන 10ක්!

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල්  බිලියන 10ක වියදමක් දැරීමට සිදුවන බව  ජාතික මැතිවරණ කොමිසම පවසයි.

පාර්ලිමේන්තුවේ සම්මත වූ අයවැය ලේඛනය මගින් එම පිරිවැය අනුමත කර ඇති බව ජාතික මැතිවරණ කොමිසමේ   කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක  මාධ්‍යයට පවසා ඇත.

පළාත් පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා දෙසැම්බර් මස අවසන් සතියේ කැඳවන බව කොමිසම ඊයේ (8) නිවේදනය කළේය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතේ විධිවිධාන අනුව නාමයෝජනා කැඳවන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාලාත් පාලන ආයතන 341 සඳහා  2022 ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරීමේ කටයුතු අවසන් බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර ඇත.

 

 

Exit mobile version