පී.සී.ආර්. සහ රැපිඩ් ඇන්ටිජන්වලට ලියාපදිංචි කරගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඇප් එකක්…

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින්  පී.සී.ආර් හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ (Rapid Antigen Test ) වලට භාජනය කරන රෝගීන් ලියාපදංචි කිරීම සඳහා  ඇප් එකක් හඳුන්වා දීමට සැලසුම් කර ඇත.

එම වැඩපිළිවෙළ  ඉදිරි සතිය තුළ ක්‍රියාත්මක කිරීමට සූදානම්  බව  නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක  පවසයි.  මේ ඔසසේ    අදාළ පරීක්ෂණවලට භාජනය කෙරෙන පුද්ගලයින් පිළිබඳ තොරතුරු විශ්ලේෂණය කිරීම කඩිනම් මෙන්ම පහසු වන  බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. 

 අදාළ ඇප් එක භාවිත කර ස්මාර්ට් ජංගම දුරකතනයක් මගින් පී.සී.ආර් හා රැපිඩ් ඇන්ටිජන පරීක්ෂණ වලට භාජනය වන අයගේ තොරතුරු එම ස්ථානයේදීම ලියාපදිංචි කෙරෙන බවත් එමඟින් ක්ෂණිකව රසායනාගාර පද්ධතියට,සෞඛ්‍ය අමාත්‍යාංශයට හා වසංත රෝග අංශයට එම තොරතුරු බලා ගැනීමේ හැකියාව ලැබෙන බවත්  ඔහු කීවේය. 


එමෙන්ම පී.සී.ආර් පරීක්ෂණ 20000ක් දිනකට සිදුකිරීමේ ඉල්ලක්කය සපුරා ගැනීම සඳහා රජයේ රෝහල් පහකට සහ පෞද්ගලික රෝහල් පහකට  පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීම සඳහා අලුතින්  අවසර ලබා දීමට අනුමැතිය දුන් බවත් ඔහු හෙළි කළේය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මේ වනවිට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ (Rapid Antigen Test ) කට්ටල ලක්ෂයක් රෝහල්වලට බෙදාදී තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ පරීක්ෂණ කට්ටල ප්‍රමාණය මෙරටට ලැබී තිබෙන බවත්  නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

Exit mobile version