පී.සී.ආර්.වාර්තා ප්‍රමාදයි… ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කරන්න බෑ… ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ කියයි..

Scientists in protective suits in a science laboratory study a dangerous virus to eliminate the epidemic

මිනුවන්ගොඩ කීර්ති ප්‍රනාන්දු –

පසුගිය 23 සිට මේ වනතෙක් මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ  පී.සී.ආර් පරීක්ෂණ  දහසකට වඩා වැඩි ප්‍රමාණයක වාර්තා නිකුත් වීමට ඇතැයි ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.

ඊයේ ( 27) දිනයේ දි දිවුලපිටිය හා කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල පීසීආර්  පරීක්ෂණ අටසීයකට අධික ප්‍රමාණයක ප්‍රතිඵළ නිකුත් වී නොතිබුණි.

මේ ආකාරයෙන් පරීක්ෂණ වාර්තා නිකුත් වීම ප්‍රමාද වීමත් සමග ඉදිරියේ දි අනුගමනය කළයුතු පිළිවෙත් කරගත නොහැකිව සෞඛ්‍ය අංශ බරපතල අර්බුදයකට ගොස් තිබේ. මේ පිරිස අතර කොවිඩ් ආසාදිතයන් සිටිය හැකි බවත්, මේ තත්වය තුළ සංකීර්ණ ප්‍රතිඵල අත්විය හැකි බවත්  ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව වෛද්‍ය පරීක්ෂණ ආයතනය පවසන්නේ දරාගත නොහැකි තරම් පරීක්ෂණ නියැදි ධාරිතාවක් පී,සී,ආර් පරීක්ෂණ සඳහා මේ වනවිට ලැබී ඇති නිසා මෙවැනි ප්‍රමාදයන් සිදුවන බවය.

Exit mobile version