පී.එච්.අයි මහත්තුරුන්ගේ වර්ජනයට සෞඛ්‍ය වෘත්තීය සමිති 18ක සහාය

වැඩේ පත්තු වෙයි...  පීසීආර් පරීක්ෂණත්  නවතින ලකුණු

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වශයෙන් සෞඛ්‍ය ඇමතිනිය සමග තමන් තුන්වන වරටත් පැවත්වූ සාකච්ඡාව අසාර්ථක වූ බවත් මෙතැන් සිට අඛණ්ඩව කෙරෙන වැඩවර්ජනය සඳහා වෛද්‍ය නොවන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 18ක් අත්වැල් බැඳ ගැනීමට සූදානම් බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය ලංකාසරට පැවසීය.

ඒ අනුව ඉදිරියේ දී පීසීආර් පරීක්ෂණ පැවැත්වීම ඇතුළු කොවිඩ් වැලැක්වීමේ ජාතික වැඩසටහනේ සියලු අංශ අකර්මණ්‍ය වීමේ අවදානමක් ඇති බව පවසන සංගමය දැන් තමන් අපේක්ෂා කරන්නේ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකින් පවතින ගැටලුව නිරාකරණය කරගැනීම බව ද ඔහු කීය.

“ මේ කියන කාරණාව තේරුම් ගන්න.  අප ඉල්ලන්නෙ නෑ අනිසි කිසිම බලයක්. කිසිම පාර්ශවයක බලයක්.  අප ඉල්ලන්නෙ රට වෙනුවෙන් අපේ රාජකාරිය කිරීම සඳහා අවශ්‍ය නෛතික රැකවරණය… ඒක බලතලයක් නොවෙයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය වගකීම් හා ක්‍රියා පටිපාටි පැහැදිලිව තියනවා. වෛද්‍යවරු රෝග හඳුනාගෙන ප්‍රතිකාර කරනවා. අප කරන්නෙ රෝගයක් වැළැක්වීමට අවශ්‍ය පියවර භූමියේ හඳුනාගෙන කටයුතු කිරීම. දැනට මේ කටයුතු කරනවා තමයි. නමුත් පුද්ගලයෙක් නිවස නිරෝධායනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අවශ්‍ය මූලික බලවත් අපට නැහැ. යම් කිසි පුද්ගලයෙක් අපට එරෙහිව මානව හිමිකම් ගියොත්   අප අසරණයි.“


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මේ වගේ වසංගත වෙලාවක ක්ෂේත්‍රයේ කටයුතු කරන්න අවශ්‍ය  මේ නෛතික රැකවරණය තමයි අප ඉල්ලන්නෙ. ඒක කාගෙවත් බලය ඉක්මවා යෑමක් හෝ කාගෙවත් බලය අප වෙත පවරා ගැනීමට ඉල්ලීමක් නෙමෙයි.  සෞඛ්‍ය ඇමතිනිය මෙතෙක් පැවති පනතත් වෙනස් කර අපට ලබා නොදෙන්නෙ ඒ රැකවරණයයි.“

Exit mobile version