පී.සී.ආර් ගොන් වැඩක්… 18 වරක් පී.සී.ආර් ‘පොසිටිව්‘ වුන පසු රොනාල්ඩෝ කියයි…

සම්මත පී.සී.ආර් පරීක්ෂණවල වලංගු භාවය ගැන ක්‍රීඩා විචාරකයොත් ප්‍රශ්න කරන්න අරන්...

ලෝක ශූර පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට සිදු කළ පී.සී.ආර් පරික්ෂණ 18 කින් ඔහුට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූයේ යැයි පාතුගීසි ගුවන් විදුලි නාලිකාවක් වන ටී. වී. අයි වාර්තා කර තිබේ.

සති දෙකකට පෙර රොනාල්ඩෝට පළමු වරට කොවිඩ් ආසාදනය වූ බවට  තහවුරු විය..  දින දහයක නිරෝධායනයෙන් පසුව වුවද, 35 හැවිරිදි රොනාල්ඩෝට තවමත් කොවිඩ් ආසාදිත බව නැවත නැවත කළ පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

පස් වතාවක් ලෝකශුරයෙක් සේ  කිරුළු පැළඳ සිටින රොනාල්ඩෝ මේ වන විට කොරෝනා පරීක්ෂණ 18 ක් සම්පූර්ණ කර ඇත.


එමනිසා, රොනාල්ඩෝ තවමත් ටියුරින් හි නිවසේ නිරෝධායනයක හිඳගෙන රූපවාහිනියේ ඔහුගේ ක්‍රීඩා සමාජය නියෝජනය කරන තරග  නරඹමින් සිටී.  මේ තරගාවලියේ තරග තුනක් ඔහුට දැනටමත්   මග හැරී ඇත.  ඔහු නොමැතිව ඔහුගේ ක්‍රීඩා සමාජය සමත් වී තිබුණේ එක් ජයග්‍රහණයක් ලබා ගැනීමට පමණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් වෛරස ආසාදනය සුව වී ඇති බව තහවුරු වනතෙක් ඔහුට නැවත ක්‍රීඩා කිරීමට අවසර නැත.  සම්මත PCR පරීක්ෂණය “ගොන් වැඩ”ක්  යැයි රොනාල්ඩෝ සිය ඉන්සටග්‍රෑම් හි සඳහන් කරයි.  දැන් ප්‍රකට විචාරකයෙක් ද පරීක්ෂණ වලංගුභාවය ගැන ප්‍රශ්න කරයි.

Exit mobile version