පීචං ආණ්ඩුකාරයා මේ හදන්නේ ජනාධිපතිත් විනාශ කරලා නැගෙනහිරට ගිනි තියන්න… මොරවැව නායක හාමුදුරුවෝ සෙන්දීල් තොණ්ඩමන්ගේ නිරුවත පෙන්වති !

ත්‍රි කුණාමලය සමන් මල්ලවආරච්චි –

රටේ ජනාධිපතිවරයාත් නැගෙනහිර පළාත තුළ අප්‍රසාදයට ලක් කරන ආගම්වාදී වියරුවකින් යුතුව නැගෙනහිර ආගමික සහජීවනය විනාශ කරමින් හැසිරෙන නැගෙනහිර ආණ්ඩුකාරවරයාගේ  පීචං ක්‍රියාකලාපය සම්බන්ධව නැවත කල්පනා කරන බලන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව  මොරවැව ඉන්ද්‍රරාමාධිපති පූජ්‍ය පොල්හේන්ගොඩ උපරතන හිමියෝ අද (01) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් දන්වා සිටියහ.

අද පැවති මාධ්‍ය හමුව අවස්ථාව…

ආණ්ඩුකාරවරයා මේ වනවිට රාජ්‍ය නිලධාරීන් ද දඩයම් කිරීමට සූදානම් බවත් නැගෙනහිර පළාතට  පැමිණ මාස තුනක් යනවිට ප්‍රදේශයේ ආගමික සහජීවනය නැති කළ  සෙන්දීල් තොණ්ඩමන් ලබා දී ඇති පූර්වාදර්ශය ජාතීන් අතර අසමගිය ඇති කිරීම බව ද උන්වහන්සේ කීහ.

උන්වහන්සේ මෙසේ ද පැවසූහ.

මේ පීචං ආණ්ඩුකාරවරයා නැගෙනහිර පළාත තුළ ජනාධිපතිවරයාට ජනතාව අතර තිබුණු ප්‍රසාදය නැති. මේ පුද්ගලයාගේ හැසිරීම සම්බන්ධයෙන්    ජනාධිපතිවරයාටත් ඉදිරිය ගැන හිතන්න සිද්ධ වෙනවා.


බොරළුකන්ද රජමහා විහාර ප්‍රශ්නය ජනාධිපතිවරයාට සම්බන්ධ ප්‍රශ්නයක් නොවෙයි. ආගම්වාදීව කටයුතු කරපු ආණ්ඩුකාරයගේ ක්‍රියාකාරිත්වය නිසා ඇතිවුන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය නිසා තුන් ජාතියෙම ඇවිලුනා. මේ ආණ්ඩුකාර තුමාට ත්‍රී කුණාමලයේ දෙමළ ජනතාවවත් කැමති නෑ. ඒක තමයි ඇත්ත.  “

“ ආණ්ඩුකාර තුමනි…  බොරළු කන්ද රජමහා විහාරයට ඇතුළුවෙන්න පමණයි ඔබ අවසර ලබා දුන්නේ කියලා කියනවා. පිළිගන්නවා.  ඇතුළුවෙන්න අවසර දුන්නට අපි ඇතුළටවත් ගියේ නෑ. අපි ඉතාම සාමකාමීව කටයුතු කරන භික්ෂූන් වහන්සේල. ආගමික නායකයින් එක්ක කතා බහ කරලයි අපි මේ සියලුම කටයුතු කරන්නේ.”

නමුත් ඔබ එක්ක සාකච්ඡාවක් නෑ. අපට සාකච්ඡාව තියෙන්නේ පූජකවරු එක්ක… මහා නායක හාමුදුරුවරු එක්ක සහ බලධාරීන් එක්ක. ඒ වගේම ඔබ ප්‍රකාශයක් කළා ඇතුළුවෙන්න් අවසර දුන්නට ඉදිකිරීම් කරන්න අවසර දුන්නේ නෑ කියලා. ඔබගෙන් ඉදිකිරීම් කරන්න අවසර  අවශ්‍ය නෑ ආණ්ඩුකාරතුමනි.

ප්‍රාදේශීය සභා පනතේ පන්සලක් හදන්න අනුමැතිය ඕන කියලා නෑ. පූජනීය ස්ථාන බද්දේන් නිදහස්. බද්දෙන් නිදහස් කළාට පස්සේ අපට අවශ්‍ය විදිහට ඉදිකිරීම් කරන්නේ .  පන්සල හදන්නේ නායක හාමුදුරුවන්ගේ සැලසුමට. කෝවිල හදන්නෙ ප්‍රධාන පූජකතුමාගේ සැලසුමට. ඔබ එය දැනගත යුතුයි.

ඊලඟට ආණ්ඩුකරවරයා කියනවා  පන්සල ගොඩනගන්න අපි අවසර දුන්නොත්   අපි ඊට එහයින් අක්කර ගණනක කෝවිලක් අපි හදනවා. ඒකට ස්වාමීන්වහන්සේලා විරුද්ධ වෙනව ද කියලා.

කෝවිල් සියක් ගහගන්න අපට ප්‍රශ්නයක් නෑ. ගම්වල කොවිල් හදන්නේ ආණ්ඩුකාරවරයාගේ අවසර අරන් නෙමෙයි. හදාගත්තු දෙන්. අපිට අයිතිය තියන පූජනීය ස්ථානවල අපි ඉදිකිරීම් කරනවා. ඒකට අනවශ්‍ය විදිහට ඇඟිලි ගහන්න එන්න එපා.

ඒ වගේම  ඔබ ඇවිත් මාස තුන හමාරෙන්   සිංහල බෞද්ධයින් පදිංචි වෙලා ඉන්න මහවැලි  ඉඩම් අරගෙන ඉන්දියාවේ ව්‍යාපාර සඳහා පරිත්‍යාග කරන්න හදනවා.

අපේ පන්සල්වලට දන් දෙන බෞද්ධ ජනතාවගේ ඉඩකඩම්වලට අත ගහන්න ඇවිත් මේ ප්‍රශ්නය තව ලොකු කරගන්න හදන්න එපා. එහෙම උනොත් මට සිද්ධ වෙනවා තුන් ජාතිය වෙනුවෙන් මාරාන්තික උපවාසයක් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට කරනවා. මේ උපවාසයට බොරළුකන්ද සම්බන්ධ නෑ.  මේ උපවාසය කරන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ මහවැලි ඉඩම්  ඉන්දීයාවට ලබා දීමට එරෙහිව.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආණ්ඩුකාරතුමනි…. ඔබ තුමා මේ අපැහැදීම නැති කරගන්න. පැහැදීමෙන් කටයුතු කරන්න. ඔබ පස්සේ ඉන්න අය ඔබ විනාශ කරනවා. මේ ප්‍රශ්නය මෙතනින් අවසන් කරලා නැගෙනහිර අපිත් එක්ක එකට අත්වැල් බැඳගෙන කටයුතු කරන්න පටන් ගන්න කියන ආරාධනය කරනවා.

Exit mobile version