පිළිතුරු පත්‍ර ඇගයීම් අද ආරම්භ වනු ඇති! ප්‍රශ්න ඇදුනේ මගේ විෂය පථයෙන් බාහිර කරුණු 03ක් නිසා…අධ්‍යාපන ඇමති කියයි…

.

මාස දෙකකට වඩා දිග් ගැසුණු උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම අද (25) ආරම්භ වනු ඇති බව අධ්‍යාපන ඇමති සිසිල් ප්‍රේමජයන්ත අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

“ ඊයෙ මට විභාග කොමසාරිස්වරයා   දැනුම් දුන්නේ ප්‍රශ්නපත්‍රයක් භාරව සිටිනා මහාචාර්යවරු ප්‍රශ්නපත්‍ර 10ක කටයුතු ආරම්භ කිරීමට කටයුතු කර  තියනවා කියලා. අනෙක් කටයුතු ආරම්භ කරන්න අද සැලසුම් කරලා තියනවා. “

ඒ වගේම මට ඊයෙ ලිපියක පිටපතක් ලැබුණා විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයෙන් කරුණු කීපයක් සඳහන් කරලා. ඒකට මම ඒ අයට සාධනීය පිළිතුරක් යැව්වා. ඒ අනුව මම හිතනවා ඒ ප්‍රශ්නය අද විසඳෙයි කියලා. ඒ ලෙසයි විභාග කොමසාරිස්තුමා මට දැනුම් දුන්නේ.”

ඇමතිවරයා කීවේය.


උත්තර පත්‍ර බැලීම ආරම්භ කිරීමට නියමිතව තිබුණේ පෙබරවාරි 22 බවත් තමන් මේ ප්‍රශ්නයට පෙබරවාරි මුල් සතියේ සිට මැදිහත් වුන බවත් ඇමතිවරයා කීවේය.

මෙම ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා අගමැතිවරයා ද මුල් කරගෙන   අධ්‍යාපන අමාත්‍යාංශය පාර්ශවයෙන් සිදුවිය යුතු සියලුම දේ ඉටු කළ බවත් ප්‍රමාදය මතු වී ආවේ තමන්ගේ විෂය පථයෙන් පරිබාහිරව  පැන නැගුණු  ප්‍රශ්න 03ක් නිසා බවත් ඇමතිවරයා පැවසුවේය.

ඔහු කියා සිටියේ උත්තර පත්‍ර ඇගයීම සඳහා ගුරුවරුන්ට දී තිබුණ දීමනාව ප්‍රමාණවත් නොවන බව තමා ද පිළිගන්නා නිසා එම දීමනාව රුපියල් 175 සිට 2000 දක්වා වැඩි කළ බවය. මේ වනවිට සියලුම ගුරු සංගම් සමග සාකච්ඡා කර උත්තර පත්‍ර ඇගයීම සඳහා සියල්ල සූදානම් කර ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ඉදිරිපත් කළ ගැටලු   සාධනීය එ්වා බවත් එම ගැටලු සම්බන්ධව අමාත්‍යාංශ මට්ටමින් ගත හැකි සියලුම ක්‍රියාමර්ග ගත් බවත් ඇමතිවරයා කීවේය

Exit mobile version