පිලිපීනය චීන ව්‍යාපෘති එපා කියයි

චීන ණය වැඩසටහන යටතේ පිලිපිනයේ ඉදිකිරීමට නියමිතව තිබූ ඇමරිකාන ඩොලර් මිලියන ගණනක් වටිනා දුම්රිය මාර්ග ව්‍යාපෘතිය නවතා දැමීමට පිලිපීන රජය තීරණය කර තිබේ.

පිලිපීනයේ හිටපු ජනාධිපතිවරයා විසින් මෙම දුම්රිය මර්ග පද්ධති ඔහුගේ ඉදිකරමු ඉදිකරමු ඉදිකරමු සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කර තිබිණි.
කෙසේ වෙතත් එරට නව ජනාධිපති මාකොස් විසන් මෙම ව්‍යාපෘතියට අදාල ණය මුදල් සම්බන්ධයෙන් යලි එකඟතාවයකට පැමිණීමට තීරණය කර ඇත. ඒ අනුව ඒ සම්බන්ධයෙන් බීජිං පාලනය සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත.

මේවන විට පිළිපීනය සතුව මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට ප්‍රමාණවත් අරමුදල් නොමැති තත්ත්වයක් නිර්මාණය වී ඇති බවද වාර්තවේ. ඒ අනුව මේවන විට මෙම ව්‍යාපෘතියට අදාලව චීනයේ එක්සිම් බැංකුවට යොමු කළ ණය අයැදුම් පත තවමත් නිසි ලෙස සලකා බලා නොමැති බවද පිලපීන බලධාරීන් චෝදනා කරයි.


මේ අතර චීන එක්සිම් බැංකුව විසින් මෙම ණය මුදල සඳහා සියයට තුනක පොළී මුදලක් ඇය කර ඇති බවද පිලිපීන බලධාරීන් අනාවරණය කරයි. කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය අවශ්‍ය කරනු ලබන අරමුදල් ජපානයෙන් සියයට 0.3 පොලී මුදලකට ලබා ගැනීමට හැකියාව පවතින බවද පිලිපීන බලධාරීන් අනාවරණය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මෙම තත්ත්වය අනුව පිලිපිනී ජනාධිපතිවරයා විසින් රාජ්‍ය සහ පුද්ගලකිය හවුල් ව්‍යාපෘතියක් ලෙස මෙම දුම්රිය මාර්ගය ඉදි කිරීමට තීරණය කර ඇති බවද වාර්තවේ. මේ සම්බන්ධයෙන් ශඛ්‍යතා අධ්‍යනය කිරීමද මේවන විට ආරම්භ කර ඇති බව පිලිපීන මාධ්‍ය වර්තා සඳහන් කරයි.

Exit mobile version