පිලිපීනයට දුන් සිනෝෆාම් කොවිඩ් එන්නත් තොගය ආපසු දෙයි

මහජනතාව සඳහා තවමත් අනුමත කර නොමැති COVID-19 චීන කොවිඩ් එන්නත පිළිබඳ විවේචන නිසා කලකිරී සිටින පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ දැන් චීනයෙන් ඉල්ලා සිටින්නේ සීනෝෆාම් සමූහ ව්‍යාපාරය විසින් නිෂ්පාදනය කර පරිත්‍යාග කළ එන්නත් මාත්‍රා 1,000 ක් ආපසු බාරගන්නා ලෙසයි.

සඳුදා රාත්‍රියේ සීනෝෆාර්ම් එන්නත ඩුටර්ටේ එන්නත් කරවාගෙන ඇත. මෙම එන්නත පිළිබඳ විශ්වාසය වැඩි කිරීම සඳහා ඩුටර්ටේට ඔහුගේ එන්නත ප්‍රසිද්ධියේ ලබා දෙන ලෙස මාස ගණනක් ඉල්ලා සිටීමෙන් පසුව මෙම එන්නත ලබා දෙන ලදී.

නමුත් ඩුටර්ටේ විසින් එන්නතක් ලබාගෙන ඇත්තේ විශේෂ බලපත්‍රයක් මගිනි. එහෙත් එය තවමත් රටේ සෙසු අයට ලබා ගත නොහැකිය. චීනයේ ආහාර හා ඖෂධ පරිපාලනය විසින් සීනෝෆාම් හි හදිසි භාවිතය පිළිබඳ අයදුම්පත සැකසීමට පවා පටන් ගෙන නැත.


සීනෝෆාම් එන්නත පිළිබඳ මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් ඩුටර්ටේ චීනයට කියා සිටියේ එන්නත් පරිත්‍යාග කිරීම නවත්වන ලෙසය.

දැනටමත් මෙහි ඇති මාත්‍රාවන් 1,000 ඉවත් කර ගන්නා ලෙසත් ඔහු චීනයෙන් ඉල්ලා සිට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මම ඔවුන්ට කිව්වා හැමෝම පාවිච්චි කරන සිනොවැක් අපට දෙන්න කියලා” ඔහු පිලිපීන භාෂාවෙන් පැවසූ බව එරටමාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version