පිරිස් පලවා හරිමින් මහවිරු උළෙලේ පූර්ව සූදානම ආරක්ෂක අංශ වළක්වයි..

දිනසේන රතුගමගේ –

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික ජනතා පෙරමුණ ( TNPF) විසින් යාපනයේ ස්ථාන කීපයක සංවිධානය කොට තිබූ මහවිරු උළෙල  හා ඒ සඳහා පෙර සූදානම් වීමේ අවස්ථාවන් කීපයක් යුද හමුදාව හා පොලීසිය විසින් ඊයේ ( 24) දා වළක් වා තිබේ.

කණ්ඩායම් වශයෙන් පැමිණ යාපනයේ පේදුරුතුඩුව කෝපායි කයිට්ස් යන ප්‍රදේශ වල පිහිටි සුසාන භූමි සුද්ධ පවිත්‍ර කරමින් මහවිරු උළෙල  පැවැත්වීමට කටයුතු සුදානම් කළ අයව යුද හමුදාව හා පොලීසිය විසින් අවවාද කොට පලවා හැර තිබේ.

එසේ පැමිණි පිරිස්වල නම් ගම් ආරක්ෂක අංශ විසින් ලේඛන ගත කොට ඇති අතර ඔවුන් පැමිණි වාහන වල විස්තර ද සටහන් කරගෙන තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට උතුරේ පළාත් ගණනාවක මහවිරු උළෙල පැවැත්වීම තහනම් කරමින් ඒ ඒ ප්‍රදේශ වල අධිකරණ විසින් තහනම් නියෝග පනවා තිබේ.

Exit mobile version