පිරිමි රැඳවියන් ඉවත් වේ… පැරණි බෝගම්බර බන්ධනාගාරය  කාන්තා රැඳවියන්ට පමණයි….

පැරණි බෝගම්බර නිරෝධායන කඳවුරෙන් පැන යන්නට උත්සාහ කිරීම්, විරෝධතා, ඇතුළු මෙතෙක් ඇතිවූ ගැටලුකාරී තත්ව පාලනය කිරීමට නොහැකි වීම නිසා එම කඳවුරේ සිටින සියලුම පිරිමි රැඳවියන් ඉවත් කර කාන්තා රැඳවියන් සඳහා වෙන් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තු තීරණය කර ඇතැයි වාර්තා වේ.

මේ අනුව අවසන් වශයෙන් බෝගම්බර බන්ධනාගාරයේ සිටි පිරිමි රැඳවියන් 322 දෙනා යාපනයේ කොඩිගාමම්හි විශේෂ කඳවුරකටත්, තවත් කොටසක් මැගසින් බන්ධනාගාරයටත්, 10කට අඩු පිරිසක් දුම්බර බෝගම්බර බන්ධනාගාරයටත් ඊයේ රාත්‍රියේ දී යොමු කිරීමට කටයුතු යොදා  තිබේ.

මේ වනවිට කන්දකාඩු කොවිඩ් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ හා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබ සුවය ලැබූ කාන්තා රැඳවියන් 663ක් පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවීමට කටයුතු යොදා තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම බන්ධනාගාරයේ ඉඩකඩ පහසුකම් ඇත්තේ රැඳවියන් සියයටකට පමණක් වුවත් 663ක් එහි රැඳවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

 

Exit mobile version