පිරවුම්හලේ ටැංකි පරීක්ෂාවෙන් ඈත් වෙන්න ! පොලිස්පති පොලිසියට කියයි…

Police officers stand guard at a damaged Ceylon Petroleum Corporation fuel station in Rambukkana on April 20, 2022, a day after police killed an anti-government demonstrator while dispersing a protest against the high fuel prices and to demand President Gotabaya Rajapaksa's resignation over the worsening economic crisis. (Photo by ISHARA S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

පිරවුම්හල්වල ඉන්ධන ගබඩා කර ඇති භූගත ටැංකි පරීක්ෂාවට එම ස්ථානවල ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් සම්බන්ධ නොකරන ලෙසට පොලිස්පති සී.ඩී විකුමරත්න  විසින් උපදෙස් ලබා දී තිබේ.

මෙම උපදෙස් සෑම පොලිස් ස්ථානයක් වෙතම මේ වනවිට යවා ඇති අතර එයින් පොලිස්පතිවරයා නියෝග කර ඇත්තේ එවැනි පරීක්ෂාවකදී ඇතිවිය හැකි අනතුරුදායක තත්ත්ව පිළිබඳව සැලකීමෙන් පසුව බව වාර්තා වේ.

පිරවුම්හල් ආසන්නයේ මේ වනවිට නිර්මාණය වී ඇති තදබදකාරී තත්ත්වය මත මහජන කැලඹීමක් ඇති වීම සහ මහජන සාමය කඩවීමේ තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා පොලිසියේ නිලධාරීන් යොදවා ඇති බවත් ඔවුන් ටැංකිවල තෙල් පවතින්නේද යන්න මහජනතාවට පෙන්වීම වැනි කටයුතුවලට සම්බන්ධ වන බවට තොරතුරු ලැබී ඇති බවත් පැවසෙන අතර එම පියවර ඔවුන් ගේ රාජකාරියට අයත් නොවන කටයුත්තක් බැවින් ඊට සම්බන්ධ නොවන ලෙස දන්වා ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම කටයුත්ත ඉන්ධන පිරවුම්හලේ කළමනාකරීත්වයත් ඛනිජ තෙල් නිතිගත සංස්ථා හෝ එවැනි සැපයුම ආයතනයක් විසින් බලය පවරන ලද පුද්ගලයන් මත පැවරෙන වගකීමක් හෙයින් එම කටයුත්තට සම්බන්ධ වීමෙන් වළකින ලෙස අදාළ උපදෙස් මඟින් පොලිස්පතිවරයා දන්වා ඇත.

Exit mobile version