පියල් නිශාන්ත එක්ක බෑ… ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි…

මට ඕන මගේ වේගෙන් යන කෙනෙක්... කතා කාරයෙක් නෙමෙයි... පියල් නිශාන්ත රාජ්‍ය  ඇමති කියයි...

සුජිත් හේවාජුලිගේ – 

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.

රාජ්‍ය ඇමැතිවරයා සමග  ඇතිවූ කිසියම් මත ගැටුමක් හේතුවෙන් ඔහු මෙසේ ඉල්ලා අස්වී ඇති බව  විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් වට්ස් අප් සමාජ ජාලයේ සටහනක් තබන මුදිත විදානපතිරණ   සඳහන් කරන්නේ  තමා  ජාතික ළමාරක්ෂක  අධිකාරියේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බවයි.


තමාගේ රාජකාරි කටයුතුවලදී  එදා මෙදා තුර සහාය දැක්වූ සියලු දෙනාට ස්තූතිවන්ත වන බවද  ඔහු එම සටහන මඟින් වැඩිදුරටත් දැනුම්දී  ඇත.

මේ සම්බන්ධයෙන් අප ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ  තමාට ඒ ගැන තවමත් දැනුම් දී නැති බවයි.

තමාගේ වේගයට ගමන් කළ හැකි  පුද්ගලයන් ආයතනවල සිටිය යුතු බවද තමාට අවශ්‍ය වන්නේ වැඩ මිස  කතාව නොවන බවද රාජ්‍ය ඇමැතිවරයා  ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් අප  මහාචාර්ය මුදිත විදානපතිරණගෙන්  කරුණු විමසීමට උත්සාහ දැරුවද  එය ව්‍යාර්ථ විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප – 

Exit mobile version