පිච්චුන ගෙට කෝටි සීයක අලාභයක් ඉල්ලන දේශපාලකයා පාර්ලිමේන්තුවට හෙළි කරන්න – රාසමාණික්කම්

තමන්ගේ වත්කම් දෙගුණයක් කර කෝටි සීයක වන්දියක් ඉල්ලූ දේශපාලකයා පාර්ලිමේන්තුවට හෙළි රකන ලෙස අද  (07) මඩකලපු දිස්ත්‍රික්   මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී කීවේය.

දේශපාලකයින් මේ ආකාරයෙන් හැසිරෙන්නේ  දරුවෙකුට දිවා ආහාරය ලබා දීමට රුපියල් තිහක් නැති රටක බව ඔහු ප්‍රකාශ කළේය.

දිවයින පුවත්පතේ සිරස්තලය ගෙනහැර දක්වමින් එක්තර දේශපාලකයෙක් තමන්ගේ අලාභය වැඩි කර කෝටි සියයක වන්දියක් ඉල්ලීම නිසා තක්සේරුකරුවාද අසරණ වී සිටින බවය.

මේ දේශපාලකයා සම්බන්ධව පාර්ලිමේන්තුවට හෙළි කරගැනීම සඳහා  සම්බන්ධව කතානායක තුමාගෙන් ඉල්ලීමක් කරන්නට ඔහු යෝජනා කළේය.


“ කෝටි සීයක වත්කමක්  උපයා ගන්න මොකක්ද එයා කළ බිස්නස් එක. එයාගෙ වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉදිරිපත් කරලා තියනවා ද. කෝටි සීයක දේපලක් නම් කොහෙන්ද එයාට ඒ් සල්ලි ආවේ. මේව ගැන අපි රටේ ජනතාවට පැහැදිලි කරන්න අවශ්‍යයයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු වැඩිදුරටත් කීවේය.

 

Exit mobile version