පැල් රකිමින් සිටි පානම ගොවියෙක් දිවියෙකුට ගොදුරු වේ…

පානම කුඩුම්බිගල මාර්ගයේ හැලව වෙල් යායේ පැල් රකිමින් සිටි ගොවියෙක්  දිවයෙකු විසින් මරා දමා තිබේ.

මධ්‍යම පානම, පානම ලිපිනයේ පදිංචි හීන් අප්පු අබේසිරි නැමැති 56 හැවිරිදි ගොවියෙක් මෙම දිවියා විසින් මරා දමා ඇත. ගිනිමැලයක් දල්වාගෙන තවත් පුද්ගලයෙක් සමග පැලෙහි පැල් රකිමින් හිඳ  ගිනිමැලය අසලින්ම නිදාගෙන සිටිය දී මෙම දැවැන්ත දිවියා පැමිණ එම පුද්ගලයාව ගොදුරක් සේ ඇදගෙන ගොස් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පැලේ සිටි අනෙක් පුද්ගලයා ගිනි පෙනෙලිවලින් ගසා වළක්වාගත නොහැකි තැන පැලේ තිබුණු පොරවකින් දිවියාට කොටා ඇත. එවිට දිවියා ගොදුර ලෙස ඇදගෙන පැමිණි සිරුර අත්හැර පලගොස් ඇත. රෝහලට ගෙනයන විටත් පුද්ගලයා මියගොස් සිටි බවත් දේහය පානම රෝහලේ තැන්පත් කර ඇති බවත් පොලිසිය කියයි.


 

Exit mobile version