පැය 48ක් ඇතුළත CID ඇවිත් ප්‍රකාශයක් ලබා දෙන්නැයි පොලිස්පතිවරයා මෛත්‍රීට දැනුම් දෙයි…  

DESHABANDU

දේශබන්දු තෙන්නකෝන්...

ඉඳුනිල් කහටපිටිය –

පාස්කු ප්‍රහාරයේ  මහ මොළකරු තමන් දන්නා බවට කළ හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස ඔහුට දැනුම් දුන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දීමෙන් පැය 48ක් ඇතුලත හිටපු ජනාධිපතිවරයා අදාල ප්‍රකාශය ලබා දෙනු ඇති බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කීවේය.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මත පදනම්ව ඉදිරි විමර්ශන ආරම්භ කරන බව   පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (24) අස්ගිරි මහා විහාරයේ විහාරාධිපති නාරම්පනාවේ ආනන්ද හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමිනි.

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය  මාධ්‍ය මගින් වාර්තා වීමත් සමඟ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්   ඒ සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් කරන ලෙස තමාට නියෝග ලබා දුන් බව පොලිස්පතිවරයා පැවසුවේය.


අදාළ ප්‍රකාශය පදනම් කර ගනිමින් හිටපු ජනපතිවයා ගේ ආරක්ෂාවට කිසියම් තර්ජනයක් එල්ල වන්නේ නම් විෂය භාර ඇමැතිවරයා සමඟ සාකච්ඡා කර එතුමා ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද විධිමත් ක්‍රියාමාර්ග ගැනීමට  හැකි බව පොලිස්පතිවරයා කීවේය.

මෙම ප්‍රකාශය මත පදනම්ව හිටපු ජනාධිපතිවරයා අත් අඩංගුවට ගත නොහැකි බවත්, එසේ කියන්නේ නීතිය ගැන කිසිම අවබෝධයක් නැති අය බවත් කී පොලිස්පතිවරයා විමර්ශන කටයුතු අවසානයේ දී අවශ්‍ය වුවහොත් අත් අඩංගුවට ගැනීම සිදුකරන බව ද පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යම් අපරාධයක තොරතුරු දැන සිටින ඕනෑම පුද්ගලයෙකු ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස පොලීසිය කැඳවීමක් කළ විට පොලීසියට පැමිණ ප්‍රකාශයක් කළ යුතු බවත්  හිටපු ජනපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් නොදුන්නොත් ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමට පොලීසියට හැකියාව තිබෙන බව පොලිස්පතිවරයා කීවේය. දැනට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩුවක් විභාග වන බවත් හිටපු ජනපතිවරයා ඒ සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රකාශය අධිකරණයට හා නීතිපතිවරයාටත් දැනුම් දී සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම පැවසුවේය.

 

Exit mobile version