පැදගෙන ආ යතුරුපැදිය මෝටර් රථයක හැපී යාපනයේ කාන්තාවන් 2ක් මරුට

යාපනය,  උකවරුරායි පාරේදී මෝටර් රථයක් සහ යතුරුපැදියක් ගැටීම නිසා ඊයේ කාන්තාවන් දෙදෙනෙක් මිය ගියහ.

අනතුරට පත් වූ යතුරුපැදියේ කාන්තාවන් දෙදෙනා ගමන් කර ඇති අතර යතුරුපැදිය මෝටර් රථයේ මුහුණට මුහුණ ගැටී තිබේ. අනතුර සිදු වූ මොහොතේම එක් කාන්තාවක් මිය ගොස් ඇති අතර අනෙක් කාන්තාව රෝහලට රැගෙන යන විටත් මිය ගොස් ඇත.

මෝටර් රථයේ ගමන් ගත් තවත් සිව් දෙනෙකු බරපතළ තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන් එක් අයෙකු අසාධ්‍ය තත්ත්වයේ පවතින බව පොලිසිය පවසයි.


Exit mobile version