පැතිරීම වේගවත්… එන්නත්කරණයත් අඩාල කරන ඩෙල්ටා විකෘති ඇතිවිය හැකියි… – ආචාර්ය චන්දිම ජීවන්දර

නොමැරී ඉන්න එන්නත් කරන්න... සෞඛ්‍ය ආරක්ෂ පුරුදු අත් නොහරින්න... ඇතිවිය හැකි අලුත් ප්‍රභේද ගැන පරීක්ෂණ කරනවා...

Chandima-Jeewandara

රට තුළ ඩෙල්ටා වයිසරය මේ වන විට සීග්‍රයෙන් ව්‍යාප්ත වන බැවින් එහි විකෘතිතා ඇතිවිය හැකි යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර  සදහන් කරයි. 

 එම විකෘති තා හඳුනා ගැනීම සඳ හා දිගින් දිගටම පර්යේෂණ ක්‍රියාත්මක කරන බව ද ඔහු පවසයි.

සාමාන්‍යයෙන් යම් වයිරසයක් සීග්‍රයෙන් සමාජය තුළ පැතිර යන විට එහි විකෘතිතා ඇතිවිය හැකි බැවින් ඩෙල්ටා ප්‍රභේදයේත් විකෘතිතා ඇතිවීම වැලැක්විය නොහැකි යැයිද ආචාර්යවරයා පෙන්වාදේ.


සාමානයෙන් කොවිඩ් වයිරසය තුළ යම් විකෘතිතාවක් ඇති වුවහොත් එය සාදා ගැනීමේ හැකියාව පවතින නමුත් එසේ සාදා ගැනීමට නොහැකි වයිරසයන් විකෘතිතාවන් මතුකරමින් ඉදිරියට ව්‍යාප්ත වීම ආරම්භ කරන බවද ඔහු පෙන්වාදේ.

මෙම විකෘතිතාවන් හේතුවෙන් මිනිසාට කරදරයට පත්කරන ප්‍රභේදයන් මතුවන බවත් මේ වන විට මතුව ඇති ඇල්ෆා, බීටා, ගැමා හා ඩෙල්ටා එවැනි කරදරකාරී ප්‍රභේදයන් බවත් ඔහු පෙන්වාදේ.

මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ වේගයෙන් පැතිර යාමත් සමග එයින් නව විකෘති ප්‍රභේදයක් ඇති වුවහොත් එය එන්නත්කරණයට අඩාල කිරීමට හේතුවක් විය හැකි බැවින් විකෘති ප්‍රභේද පිලිබඳව දිගින් දිගටම පර්යේසණ සිදුකරන බවද  ආචාර්ය ජීවන්දර  සදහන් කරයි.

වූහාන් නගරයේ පැතිර ගිය කොවිඩ් වයිරසයට වඩා දෙගුණයක වේගයෙන්  ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ පැතිර යන බවත් මෙම ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකුගේ ස්වසන තරල වල  අන්තර්ගත වයිසර ප්‍රමාණය අනෙක්තු වයිරස් ධාරිතාවන්ට වඩා අධික ලෙස වැඩි බවත්  ඔහු පෙන්වාදේ.

මෙහිදී රෝගියා  කහින විට, කිවිසුම්  හරින විට  බාහිර පරිසරයට වැඩි වයිරස් ප්‍රමාණයක් මුදා හරින බැවින් විශාල පිරිසක් ආසාදනය කිරීමේ හැකියාව මෙම ප්‍රභේදය සතු වන බවද හෙතෙම අවදාරණය කරයි.

.ඩෙල්ටා ප්‍රභේදයෙන් මිදීමට ඇති එකම මග වන්නේ  නියමිත පරිදි එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීම යැයිද   පෙන්වා දෙන ආචාර්ය වරයා මාත්‍රා දෙකම ලබා ගත්තද වයිරසය ආසාදනය විය හැකි නමුත් මරණයෙන් ගැලවිය හැකි යැයිද සදහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කිරීම මගින් පමණක් රෝගයෙන් ආරක්ෂා විය හැකි යැයිද ඔහු අවධාරණය කරයි..

Exit mobile version