පැත්තකට වෙලා වැඩක් බලාගන්න… මට එන ලියුම්වලට ඔබ දඟලන්න එපා ! – ජනක රත්නායක කාංචන ඇමතිට කියයි…

“මගේ වැඩවලට බාධා කරන්නේ නැතුව, මට එන ලියුම් ගැන කලබල වෙන්නේ නැතුව ඇමති පැත්තකට වෙලා හිටියා නම් ඉවරයි වැඩක් බලාගෙන. එයා දඟලන්නේ මොනවටද මට එන ලියුම්වලට..”

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විදුලිය ගැනවත්, හරබර ගැනවත් නොදන්නා බවත් ඔහු මෙම සිස්ටම් එකම විනාශ කරන බවත් සභාපතිවරයා චෝදනා කරයි.

මේ වන විට ජල සංචිතයන්ගේ අතිරික්තයක් තිබෙන බවත්, ඉතිරි දවස 19 වියදමකින් තොරව ජලය ලබාගෙන විදුලි සැපයීම නොකඩවා සිදු කළ හැකි බවත් සභාපතිවරයා පැහැදිලි කළේය.

“ඇමති මට අභූත චෝදනා කරනවා මම එක එක දේශපාලන පක්ෂවලින් ඡන්දය ඉල්ලුවා කියලා. මම ඇමති වගේ අලියගේ වලිගේ එල්ලිලා ඉන්න මිනිහෙක් නෙමෙයි. මේක ස්වාධීන කොමිසමක්. උගත් බුද්ධිමත් ඉන්න අය කොමිසමක්. අපිට දේශපාලන ඇඟිලි ගැසීම් අවශ්‍ය නෑ.


මේ දවස්වල ඇමති, නීතිපතිවරයා මට එව්ව ලියුමක්, වට්ස්ඇප් හරහා ප්‍රචාරය කරනවා.. මට එන ලියුම් ගැන ඇමති මොකටද කලබල වෙන්නේ..? තවමත් මට රාජකාරිමය විදියට ලියුම ඇවිත් නෑ. වට්ස්ඇප් හරහා එන ඒවා රාජකාරිමය වෙන්නේ නෑනේ. මට ලිඛිතව ලියුම හම්බවුණාම මම ඒක බලලා නීතිපතිවරයා එක්ක කතා කරලා ඊට අවශ්‍ය පියවර ගන්නම්.”

සභාපතිවරයා, මාධ්‍ය හමුවේ සඳහන් කළේය.

තමාව සේවයෙන් ඉවත් කර නඩු දාන බව පැවසුවත් ඔහුට ඒ සඳහා හොඳ චෝදනාවක් අවැසි බව පැවසූ සභාපතිවරයා, අමාත්‍යවරයාට එරෙහිව චෝදනාවක් ඇත්තේ තමන්ට බව පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


‘ළමුන් එ ක්ලක්ෂ තිස්එක් දාහකට විදුලිය ලබා නොදීම තමයි මගේ චෝදනාව..”

Exit mobile version