පා පන්දුවෙන් ලොව බැබලවූ සුපිරි ක්‍රීඩක දියාගෝ මැරඩෝනා ජීවිතයට සමු දෙයි…

ලොව සුපතල පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා මෙයට සුලු මොහොතකට පෙර මිය ගොස් ඇතැයි ආජන්ටිනාවේ  ක්ලැරන් පුවත් සේවය වාර්තා කළේය.

ඔහු මියගොස් ඇතේතේ හෘදයාබාධයකින් බවට වාර්තා විය. බුවනෝස් අයර්ස් හි  ටයිග්‍රේහි නිවසේදී මෙසේ මෙලොවින් සමු ගත් මැරඩෝනා මිය යන විට 60 වැනි වියේ පසු වුණේය. මෙයට පෙර ද දෙවතාවක් ඩියාගෝ මැරඩෝනා හෘදයාබාධ දෙකකට හා හෙපටයිටිස් රෝගයටද ගොදුරු වී තිබිණි.

මෙයින් දින කිහිපයකට පෙර ඔහුට ‘කෝවිඩ්-19″ ආසාදනය වී ඇති බවට තිබු සැකයක් නිසා ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස්හි රෝහලකට ඇතුළත් කර තිබූ බව වාර්තා වුණත් ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා විසින් එම පුවත ප්‍රතික්ෂේප කර තිබිණි. නමුත් මැරඩෝනාගේ ආරක්ෂක භටයකුට කෝවිඩ් ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් පසුව මැරඩෝනාද පසුගිය මාසයේදී ස්වයං නිරෝධායනයට ලක්වූයේය.


එමෙන්ම මීට දෙසතියකට පෙර ලේ කැටියක් සිරවීම නිසා ඔහු හිසේ සැත්කමකට ලක් කර තිබිණි. සැත්කමින් පසු ඔහු නිවෙස බලා යන ආකාරය දකින්නට බොහෝ පිරිසක් රෝහල භූමිය ලඟ රැස් කකා සිටියහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


1986 දී ලෝක කුසලාන ශූරතාවලියට ආජන්ටිනාව මෙහෙයවා ඉන් කුසලානය අත්කරගැනීමෙන් පසු පාපන්දු ලෝකයේ යුගයක් නිර්මාණය කරමින් ඩියෙගෝ මරඩෝනා ලොව සුපිරි පාපන්දු තරුවක් ලෙසද පසුව පාපන්දු පුහුණුකරුවෙකු ලෙසද ප්‍රකට වූයේය.

Exit mobile version