පාස්කු වින්දිතයන්ට මුවා වී කළ මහා වංචාවක් සමාජ මාධ්‍ය නිසා වළකියි…

පාස්කු වින්දිතයන්ට දෙන්න කියා කැනඩාවේ සල්ලි එකතු කළ ලංකාවේ කෙල්ල සල්ලි ආපහු දෙයි

ඉෂිනි වීරසිංහ

කැනඩාවේ ජීවත් වෙන ශ්‍රි ලාංකික තරුණ නිරූපණ ශිල්පිණියක පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් වූවන් සඳහා බව පවසමින් සමාජ මාධ්‍ය ජාල හරහා එක්රැස් කළ විශාල මුදල යළිත් එම සුබ සාධක අරමුදල වෙතම ලබා දීමට ක්‍රියා කර ඇති බව වාර්තා වෙයි.

මේ තත්ත්වයට හේතු වී ඇත්තේ මෙම ඉෂිනි වීරසිංහ නම් මෙම තරුණිය විසින් එකතු කරන ලද මුදල් ඇය පවසන පරිදි මෙරට පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් අය වෙත ලැබී නොමැති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවූ දැවැන්ත ප්‍රහාරයේ ප්‍රතිඵලයක් වශයෙනි.

Isini-Weerasinghe
ඉෂිනි වීරසිංහ

වාර්තා වන අකාරයට ගෝෆන්ඩ්මී (Gofundme) නම් ඇමෙරිකානු සමාජ ජාල සත්කාරක අරමුදලක් හරහා එකතු කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් 828,00ට අධිකය. මෙම ආධාරවලින් කොටසක් ශ්‍රි ලංකාවේ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් අය වෙත ලබා දුන් බව ප්‍රකාශ කළද ඇය විසින් දෙන ලද බව කී    මුදල් මෙරට කිසිවකු වෙත ලැබී නොමැති බව අනාවරණය වී තිබේ.


මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහු ඇයගෙන් මෙය තහවුරු කිරීමට නම් එවැනි මුදල් ලබා දුන් බවට ලිපි ලේඛන ඉදිරිපත් කරන ලෙස පසුගිය දිනවල ටිව්ටර් ඉන්ස්ට්‍රග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය ජාල හරහා ඉල්ලීම් කළහ. ඊට ප්‍රතිචාර දක්වමින්  ඉෂිනි නම් තරුණියප්‍රකාශ කළේ තමන් විසින් එකතු කර ගත් ආධාර ඇල්ෆා ට්‍රස්ට් නම් අරමුදලට ලබා දුන් බවය.

එහෙත් ඇල්ෆා ට්‍රස්ට් නම් අරමුදල පවසා ඇත්තේ ඇය 2019 වසරේ ජූනි මාසයේදී කැනේඩියානු ඩොලර් 20,000ක් ලබා දී ඇති  බවත්, ඒවා මඩකලපුවේ ෂියොන් දේවස්ථානයේ ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට ලබා දීමට ඇල්ෆා ට්‍රස්ට් ආයතනය කටයුතු කළද එය සාර්ථක නොවූ බවත්ය.

ඔවුන් දේවස්ථානයේ නියෝජිතයන් සමඟ කළ සාකච්ඡාවලදී සහ ඔවුන් විසින් සිදු කරන ලද ස්වයං විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔවුන්ට කෙටි කාලීනව සහ දීර්ඝ කාලීනව අවශ්‍ය පහසුකම් ලබා දීමට රජය, ආගමික සංවිධාන මහා පරිමාණ සමාගම් ඇතුළු විශාල පිරිසක් ඉදිරිපත්ව සිටින බැවින් මෙම මුදල් යෙදවීම අනවශ්‍ය බවය.

මේ තත්ත්වය පිළිබඳව ඇල්ෆා ට්‍රස්ට් අරමුදල ඉෂිනි විරසිංහට පැහැදිළි කොට මෙම අරමුදල් තම ආයතනීය ප්‍රතිපත්තිවලට අනුව මෙරට තුළ යෙදවීමට නොහැකි බව පවසමින් ආපසු ගෝෆන්ඩ්මී අරමුදල වෙත යවා ඇත. එසේ තිබියදී ඇය මෙලෙස තමන් පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූ අයට ආධාර කළ බව පැවසීම මුසාවක්   සමාජ මාධ්‍ය  හෙළි දරව් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ප්‍රහාර හමුවේ පසු බෑ ඇති ඇය නිවේදනය කර ඇත්තේ මෙලෙස මෙරට පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට ඇය ලබා දුන් බව පැවසෙන මුදල ඇතුළුව එකතු කර ගත් මුදල ගෝෆන්ඩ්මී ආයතනය වෙත ලබා දිමට පියවර ගන්නා බවය.

Exit mobile version