පාස්කු වාර්තාව අසම්පූර්ණයි…. කාදිනල් හිමියෝ කියති…

Malcom-Ranjith

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත් කරනු ලැබූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අසම්පූර්ණ වාර්තාවක් බව මැලකම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

මෙම බෝම්බ ප්‍රහාරය හේතුවෙන් මිය ගිය, කැබලිවලට කැඩී ගිය මිනිසුන්ගේ සිරුරු තමන්ට දැක ගන්නට ලැබුණු බව ද උන්වහන්සේ පැවසූහ.

එහෙත් දේශපාලකයෝ ඒවා දැක්කා ද යන්න තමන් නොදන්නා බවත් උන්වහන්සේ කීහ.


මෙම කොමිසමේ වාර්තාවට අනුව යම් යම් ආකාරයේ තොරතුරු රැසක් හෙළි කර ගැනීමට කොමිසමට හැකි වී ඇතත් මෙම ප්‍රහාරය  පිටුපස සිටින අය, එයට මුදල් දුන් අය, කොමිසම මගින් හෙළිකර නැති බවක් තමන්ට පෙනෙන්නට ඇතැයි උන්වහන්සේ පැවසූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමනිසා ජනාධිපිත කොමිසමේ ලියවිල්ල අසම්පූර්ණ එකක් බවද උන්වහන්සේ කීහ.

Exit mobile version