“අගමැතියි විදේශ ඇමතියි වතිකානු යන ගමන සත්‍ය යටගැසීමේ ප්‍රයෝගයක්” – අගරදගුරු හිමි

අගමැතිවරයාත් විදේශ කටයුතු අමාත්‍යවරයාත් වතිකානුවට ගොස් අතිඋතුම් පාප්වහන්සේ හමුවී පාස්කු ප්‍රහාරයේ විමර්ශන පිළිබඳ රජයේ වැඩපිළිවෙළක් ගැන සාකච්ඡා කරන්නට යාම සත්‍ය යටගැසීමේ ප්‍රයෝගකාරී ගමනක් බවත් මෙම උත්සහය හෙළාදකින බවත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානෝ පවසති.

මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම අද මේ බව කීය.

“අගමැතිතුමා සහ විදේශ කටයුතු ඇමතිතුමා ඉතාලියට ගිහිල්ලා එහි පැවැත්වෙන සමුළුවකට පසුව වතිකානුවට ගොස් ප්‍රැන්සිස් පාප් වහන්සේ හමුවී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා පාස්කු ප්‍රහාරය පිළිබඳ එයාලා කරන වැඩපිළිවෙළක් ගැන. කැබිනට් ප්‍රකාශක කිව්ව ප්‍රකාශයක් ඩේලිමිරර් පුවත්පතේ මුල් පිටුවේ දාලා තියනවා. පාස්කු ප්‍රහාරයට දුන්නු සහන උදව් පදව් විමර්ශන ගැන කියනවා කියලා තියෙනවා.


අපේ ජනතාවගේ බදු මුදල් යොදවා අගමැතිතුමාත් විදේශ කටයුතු අමාත්‍යතුමා ඔවුන්ගේ කණ්ඩායමක් මේ යන ගමන මොකක්ද? මේක ප්‍රයෝගකාරී ගමනක් බව පේනවා. එමෙන්ම ඒ වැඩපිළිවෙළ මම තරයේම හෙළා දකිනවා. ඒ ගමන ගිහින් ඔවුන් උත්සාහ කරන්නේ සත්‍යය ගැටගැසීමේ ක්‍රියාදාමයක්. විදේශීය රටවල් පවා ඒ වගේම ශුද්ධොත්තම ශුද්ධෝත්තම පාප් වහන්සේ පවා නොමඟ යවන්නට බොරු කියලා අපෙන් අපි බලාපොරොත්තු වන යුක්තිය අපට දෙන්නෙ නැතිව ආණ්ඩුවට වාසිදායක විදියට හැමදේම කරමින් සත්‍ය යටගහන මේ රජය ගෙනියන ව්‍යාපාරය තවත් එක තුරුම්පුවත් තමයි ඔය ගහන්නට සැරසෙන්නේ.

ඒක පිටිපස්සේ ඉන්නේ මේ රජය. අගමැතිතුමාත් විදේශ ඇමතිතුමත් දැන් ඒකට සහභාගි වෙනවා කියලා පත්තරේ දාලා තියෙනවා. අපි ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ඉතාම සාධාරණ ඉල්ලීමක් තමයි රජය වෙත කළේ. අවුරුදු දෙකහමාරක් මේ රටේ අහිංසක ජනතාව ඉතා ඉවසීමෙන් මේ ප්‍රහාරය පිළිබඳ හෙළිදරව් වෙයි කියලා බලා සිටියා. ජාත්‍යන්තරයට අපිව දැන් තල්ලු වෙනවා. ජාත්‍යන්තරයට මේගොල්ලෝ යන්න තීරණය කරලා නිසා නිසා අපේ තත්ත්වෙ මොකක්ද කියන එක ගැනත් දැනුම් දෙන්න සිද්ධවෙලා තියනවා. ඒ නිසා මේ පිළිබඳව අපට දැනගන්නට ලැබුණ නිසා අපි දැනටමත් ජාත්‍යන්තරයට දැනුම් දීලයි තියෙන්නෙ. මේ ගමන නිසා අපි දැනටමත් ජාත්‍යන්තරයට දැනුම් දීලයි තියෙන්නෙ මේ සම්බන්ධව අපේ මතය. මේ රජය පරීක්ෂණයට ගහන උත්සාහයක් විනා වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමට ක්‍රියාත්මක කිරීමක් අපට පෙනෙන්නට නැති බව අපි ජාත්‍යන්තරයට දැනුම් දෙන්න කටයුතු කළා. ඒ නිසා මේ අවස්ථාවේදී මා ප්‍රකාශ කළ යුතුයි අපි මේ ළාබාල හෙළා දකිනවා. විදේශීය ජනතාව බොරු කියමින් නොමඟ යවන්නට කටයුතු කිරීම ගැන.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපි ජුලි මාසේ 12 දා ජනාධිපතිතුමාට ලිපියක් යැව්වා මේ සේරම කාරණා ගැන. පක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළ යුතුයි කියලා දන්වලා නමුත් අපිට ඒකට ලැබුණේ බොහොම බාල පිළිතුරක්. ප්‍රශ්නය මගහැරලා යන පිළිතුරක් අපට ලැබුණේ.”

Exit mobile version