පාස්කු ප්‍රහාරය හරි යැයි කී මවුලවිවරයා රිෂාඩ්ගේ නිදහස පතා උද්ඝෝෂණයක…

දිනසේන රතුගමගේ –

පාස්කු ප්‍රහාරය සාධාරණීකරණය කරමින් එය සිදු වූ දිනට දින තුනකට පසුව අන්තර් ජාලයට වීඩියෝවක් නිකුත් කළ වවුනියාවේ  මෞලවිවරයා දැනට අත් අඩංගුවේ සිටින රිෂාර්ඩ් බදුයුදීන් මන්ත්‍රීවරයා වහාම නිදහස් කරන ලෙස ඉල්ලා ඊයේ  (26) සිට දින අනූවක අඛණ්ඩ කාලයක    උද්ඝෝෂණයක් වවුනියාව නගරයේ  ආරම්භ කොට තිබේ.

මුනාජිත්  නැමති මෙම මෞලවිවරයා  කියා සිටින්නේ මන්ත්‍රීවරයා හා ඔහුගේ සහෝදරයා අත් අඩංගුවට ගැනීම නීති විරෝධී ක්‍රියාවක් නිසා ඔවුන් දෙදෙනාව නිදහස් කළ යුතු බවයි.

පාස්කු ප්‍රහාරයට මන්ත්‍රීවරයා සම්බන්ධ නැති නිසා ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි නොකළ යුතු බවද මෞලවිවරයා කියා සිටියි.


පාස්කු ප්‍රහාරය සිදුවන විට මක්කම වන්දනාවේ ගොස් සිටි මෙම මෞලවිවරයා මුස්ලිම් රටක සිට අන්තර් ජාලයට වීඩියෝවක් මුදා හරිමින් ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය ඉතා සාධාරණ නිසා මුස්ලිම් ආගමික නායකයෙකු වශයෙන් තමන් එය අනුමත කරන බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවත් රාජ්‍ය විරෝධී ප්‍රකාශ එහි අඩංගු වූ නිසා ඔහු  ආපසු ශ්‍රී ලංකාවට පැමිණි දිනයේදීම  ගුවන් තොටුපලෙන් ඔහුව අත් අඩංගුවට ගෙන පසුව නිදහස්  කර තිබිණි.

Exit mobile version