පාස්කු ප්‍රහාරය සම්බන්ධ අත්අඩංගුවට ගත් 267න් 33කට මිනී මැරම් චෝදනා පිට නඩු…

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 267 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවත් ඔවුන් අතරින් 33 දෙනෙකුට මිනි මැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට නියමිත බවත් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යය සරත් වීරසේකර  මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හමුවේ ප්‍රකාශ කළේය.

බෝම්බ පුපුරුවා ගැනීමේ සිදුවීම් අටකට අදාළව පොලීසිය විමර්ශන සිදුකර ලිපිගොනු අටක් නීතිපතිවරයාට බාරදී තිබෙන බවද ඇමතිවරයා කීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවය ගත් සැකකරුවන් අතරින් පිරිසක් රැඳවුම් නියෝග මතත් තවත් පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගතවත් සිටින කී ඇමතිවරයා මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට අදහස් කරන 33 හැරුණු විට අනෙක් අයට ඇත්තේ ප්‍රහාරයට සහය දීමේ චෝදනා බව පැහැදිලි කළේය.


දැනට අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජනපති කොමිසමක් ක්‍රියාත්මක බැවින් එම වාර්තාව නිකුත්වන තෙක් නඩු පැවරිය නොහැකි බව නීතිපතිවරයා විසින් දැනුම් දුන් බව ඔහු කීවේය.

මෙයට අමතරව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර තිබෙන බවත් නඩු පැවරීම කළ යුත්තේ මේ සියලු කාරනා අධ්‍යන්‍යය කිරීමෙන් පසුව බවත් නීතිපතිවරයා තමන්ට දැනුම් දුන්නේ යැයි හෙතෙම ප්‍රකාශ කළේය.

දැනට මේ සම්බන්ධව අධ්‍යන්‍යය කිරීමට නීතිපතිවරයා විසින් නීතීඥයින් 12 දෙනෙකු පූර්ණ කාලීනව යොදවා තිබෙන බවත් එයට අමතරව තමන්ද විමර්ශන කටයුතු නිසි ලෙස සිදුව තිබේද යන්න සෙවීමට වෙනම කණ්ඩායමක් යොදවා තිබෙන බවත් කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


. මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල,අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමිවරු සමඟ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව ඇමැතිවරයා දීර්ඝ වේලාවක් සාකච්ඡා කළේය.

Exit mobile version