පාස්කු ප්‍රහාරයේ සාක්ෂි සටහන් ඇතුළු සියලුම වෙළුම් පාර්ලිමේන්තුවට…

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ  අවසන් වාර්තාව සහ ඊට අදාළ සාක්ෂි සටහන් ඇතුළු සියලුම වෙළුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

වෙළුම් 88 කින් සමන්විත ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව අද (22) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ නීති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර   විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන  වෙත භාර දෙන ලදී.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ  අවසන් වාර්තාව  2021 අප්‍රේල් 8 වන දින පාර්ලිමේන්තුවට භාර දුන් නමුත් නීතිමය හේතූන් මත සාක්ෂි වාර්තා නිකුත් නොකළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපති විමර්ශන කොමිසමේ සොයාගැනීම් මහජනතාවට දැනුම් දිය යුතු බැවින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩිදුර පරීක්‍ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි අදාළ ලිපිගොනු පාර්ලිමේන්තුවට භාර දෙන ලදී.

Exit mobile version