පාස්කු ප්‍රහාරයේ වින්දිතයෝ හිටපු ජනපතිට අගමැතිට නඩු 27ක් පවරති

පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය හා තුවාල ලැබූවන්ට වන්දි ඉල්ලා ඔවුන්ගේ ඥාතින් කොළඹ දිසා අධිකරණයේ දී අද නඩු 27ක්  පැවරුවේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු,  අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි අංශ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

පාස්කු ඉරුදින  මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකරන බවට බුද්ධි අංශ තොරතුරු ලැබී තිබිය දී  එය වැළැක්වීමට පියවර නොගැනීම හේතුවෙන් තම ඥාතීන් මිය ගිය බවත්, තවත් පිරිසක් සදාකාලික අබ්බගාතයන් වූ බවත්, පෙත්සම්වල සඳහන් වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය වළක්වාලීම වගඋත්තරකරුවන්ට හැකියාව තිබුණු බවත් එය නොකිරීම හේතුවෙන් තම ඥාතීන්ට සිදුවූ බරපතල හානියට වගඋත්තරකරුවන්ගෙන් වන්දි අය කර දෙන ලෙසද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

 

Exit mobile version